සමාජ මාධ්‍යවල වැඩිම අනුගාමිකයින් පිරිසක් ඉන්න, ලෝකප්‍රකට පෘතුගාල පාපන්දු තරුව වන 41 හැවිරිදි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ඔහුගේ දිගුකාලීන ආදරණීය සහකාරිය වන 32 හැවිරිදි ජෝර්ජිනා රොඩ්‍රිගස් පහුගිය අඟහරුවාදා දිනයේදී නිල වශයෙන් විවාහ දිවියට ඇතුළත් වෙලා තිබෙනවා..
පෘතුගාලයේ අලංකාර කැස්කයිස් (Cascais) ප්‍රදේශයේදී පැවැත්වුණු මේ මංගල උත්සවය ඉතාමත් පෞද්ගලික, සරල උත්සවයක් විදියට පවත්වා ඇති අතර, ඊට එකතු වෙලා තියෙන්නේ මොවුන්ගේ ආදරණීය දරුවන් ඇතුළු ඉතාමත් සමීපතමයින් කිහිපදෙනෙක් විතරයි.
විවාහයෙන් පස්සේ රොනාල්ඩෝ තමන්ගේ Instagram ගිණුමට එකතු කළේ මුළු ලෝකයම කතාබහ වෙන අමුතුම ඡායාරූපයක්. ඒ, විවාහ මුදු පැළඳ සිටින යුවළගේ අත් දෙකෙහි ඡායාරූපයක් එක් කරමින් “C ❤️ G” යනුවෙන් තැබූ ඒ කෙටි, ඒත් හරිම ආදරණීය සටහනයි..
2016 අවුරුද්දේදී මැඩ්රිඩ් නගරයේ වෙළෙඳසලකදී හමුවුණු මොවුන්ගේ මේ ආදර කතාව ජෝර්ජිනා විස්තර කරන්නේ "පළමු බැල්මෙන්ම ඇති වූ ආදරයක්" විදියටයි. වසර 10කට ආසන්න කාලයක් පැවැති ඒ සුන්දර ආදර කතාව, මීට වසරකට පෙර සිදුවුණු විවාහ ගිවිස ගැනීමත් එක්ක අද මෙලෙස මංගල ගීතයෙන් කෙළවර වෙලා තියෙනවා.
සමාජ මාධ්‍ය වේදිකා හරහා මිලියන 750කට අධික දැවැන්ත අනුගාමිකයින් පිරිසකට හිමිකම් කියන මේ යුවළගේ මංගල ඡායාරූපය මේ වන විටත් අන්තර්ජාලය පුරා ලැව්ගින්නක් සේ පැතිර යනවා....