ඒ සඳහා මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරින් හා නාවික හමුදාවද එක්ව සිටින බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.
52 හැවිරිදි වියේ පසුවන අදාළ කාන්තාව පසුගිය 09 වැනිදා සිය දියණිය උපකාරක පන්තියකට ඇරලවා නැවත නිවසට නොපැමිණීම හේතුවෙනුයි ඇය සෙවීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුණේ.
අකුරැස්ස ප්‍රදේශයේ ඇති වෙළෙඳසලක සවිකර තිබූ සී.සී.ටී.වී දර්ශන ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසිය, මේ වන විට නිල්වලා ගං ඉවුරේ තිබී ඇයගේ බවට සැකකෙරෙන බෑගය සහ පාවහන් යුවලක්ද සොයාගෙන තිබෙනවා.