විභාගයට පෙනී සිටින සියලුම සිසුන් විභාගය ආරම්භ වීමට පැයකට පෙර තමන්ට අදාළ විභාග මධ්‍යස්ථාන වෙත පැමිණිය යුතු බවයි උපදෙස් දී ඇත්තේ. එමෙන්ම යම් හෙයකින් විභාග කාල සීමාව තුළ අයහපත් කාලගුණික තත්ත්වයක් හෝ ආපදා බලපෑමක් මතු වුවහොත් ඒ සඳහා මුහුණ දීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, විභාග දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය එක්ව විශේෂ මාර්ගෝපදේශ මාලාවක්ද සකස් කර තිබෙනවා.
විභාගයට යන දරුවන් අනිවාර්යයෙන්ම මතක තබාගත යුතු කරුණු කිහිපයක් පිළිබඳව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය මෙසේ පැහැදිලි කළා..
පාසල් අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර විදුහල්පතිවරුන් වෙතද, පෞද්ගලික අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍ර තැපෑලෙන් අදාළ ලිපිනවලටද යවා අවසන්. ප්‍රවේශපත්‍රයේ තමන්ගේ අත්සන නිසි පරිදි සහතික කරගෙන රැගෙන යාම අනිවාර්ය වේ.
ප්‍රවේශපත්‍රය අස්ථානගත වී හෝ හානි වී ඇත්නම් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස එය භාගත (Download) කර නැවත සහතික කරවා ගත හැකියි.
ජාතික හැඳුනුම්පත, වලංගු රියැදුරු බලපත්‍රය හෝ වලංගු විදෙස් ගමන් බලපත්‍රය යන එකක් දිනපතාම විභාග ශාලාවට රැගෙන යා යුතුයි.
ජාතික හැඳුනුම්පත අස්ථානගත වී ඇත්නම්, තාවකාලික බලපත්‍රයක් ලෙස තැපැල් හැඳුනුම්පතට භාවිත කරන ප්‍රමාණයේ ඡායාරූප දෙකක් රැගෙන ගොස් පාසලේ විදුහල්පති ලවා සහතික කරගෙන රැගෙන යා යුතුය.