ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක 04 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට මේ වෙද්දීත් හදිසි නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කරලා ඉවරයි.
අද (03) දවල් 12.00 ඉඳන් හෙට (04) දවල් 12.00 වෙනකම් පැය 24 ක කාලයක් මේ අනතුරු ඇඟවීම බලපැවැත්වෙනවා. ඔයාලත් මේ පැතිවල ඉන්නවා නම් අනිවාර්යයෙන්ම පරිස්සම් වෙන්න!
මේ පැතිවල ඉන්න අයට නම් තත්ත්වය ගොඩක් දරුණු වෙන්න පුළුවන් නිසා, අනතුරුදායක තැන්වලින් වහාම ඉවත් වෙන්න කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ:
මහනුවර දිස්ත්‍රික්කය: උඩුදුම්බර, ගඟ ඉහළ කෝරළේ සහ පස්බාගේ කෝරළේ
කෑගල්ල දිස්ත්‍රික්කය: යටියන්තොට
නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව සහ නෝර්වුඩ්
මේ පැතිවල ඉන්න අයත් නායයෑම් ලක්ෂණ ගැන දැඩි අවධානයෙන් ඉන්න එක ගොඩක් වැදගත්.
මහනුවර දිස්ත්‍රික්කය: දොළුව, උඩපළාත, දෙල්තොට, මැදදුම්බර සහ පන්විල
කෑගල්ල දිස්ත්‍රික්කය: දෙහිඕවිට, දැරණියගල, බුලත්කොහුපිටිය සහ අරණායක
නුවරඑළිය දිස්ත්‍රික්කය: කොත්මලේ නැගෙනහිර, කොත්මලේ බටහිර සහ නුවරඑළිය
රත්නපුර දිස්ත්‍රික්කය: ඕපනායක, රත්නපුර සහ ඉඹුල්පේ
අවදානම අඩු වුණත් මේ පැතිවල අයත් විමසිලිමත්ව ඉන්න අමතක කරන්න එපා.
කෑගල්ල දිස්ත්‍රික්කය: කෑගල්ල
නුවරඑළිය දිස්ත්‍රික්කය: හඟුරන්කෙත
රත්නපුර දිස්ත්‍රික්කය: කුරුවිට සහ නිවිතිගල
කඳු ආශ්‍රිතව සහ නායයෑම් අවදානම් සහිත කලාපවල ජීවත් වෙන අය මේ වෙලාවේ ගොඩක් විමසිලිමත්ව ඉන්න එක ඇඟට ගුණයි. පොළොවේ ඉරිතැලීම්, ගස් ඇලවීම් වගේ දේවල් පේන්න තියෙනවා නම් ඉක්මනින්ම ආරක්ෂිත තැනකට යන්න. මේ පණිවිඩය ඔබේ ආදරණීයයන් එක්කත් බෙදාගන්න!