හැමදාම මොකක් හරි අලුත් කතාවක් කියලා ලෝකෙම අවධානය ගන්න ට්‍රම්ප්, මේ පාර අතගහලා තියෙන්නේ දැන් මුළු ලෝකෙම කතා වෙන කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence - AI) පැත්තටයි.
AI කියන නම බොරුවක්ලු!නිව්යෝර්ක් නුවර පැවැත්වුණු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී කතාවක් කරපු ට්‍රම්ප්, AI වලට අලුත් නමක් යෝජනා කරලා තියෙනවා. එයා කියන විදිහට "Artificial" එහෙමත් නැත්නම් කෘත්‍රිම කියන වචනයෙන් මේ තාක්ෂණය නිකම්ම නිකන් ව්‍යාජ හෙවත් බොරු දෙයක් විදිහටලු හැඟවෙන්නේ. ඒ නිසා මින් ඉදිරියට ඇමරිකාවේ රාජ්‍ය ලේඛනවල විතරක් නෙවෙයි, මුළු ලෝකෙම මේකට Super Intelligence (SI) එහෙමත් නැත්නම් සුපිරි බුද්ධිය කියලා කියන්න ඕනේ කියලයි ට්‍රම්ප් තරයේම කියා සිටින්නේ.
ෆෝන් එකෙන් කරපු ඡන්දේමේ නම ට්‍රම්ප් නිකන්ම දාපු එකකුත් නෙවෙයිලු. පසුගිය සතියේ එයාගේ Truth Social ගිණුම හරහා AI වලට දාන්න හොඳම නම මොකක්ද කියලා මිනිස්සුන්ගෙන් මත විමසුමකුත් කරලා. ඒකෙදී "Superior Intelligence", "Extreme Intelligence", "Supreme Intelligence" වගේ නම් ගොඩක් යෝජනා වෙලා තිබුණත්, අවසානයේ වැඩි දෙනාගේ කැමැත්තෙන් දිනලා තියෙන්නේ "Super Intelligence" කියන නමයි.
විශේෂඥයෝ කියන කතාවකොහොම වුණත් ට්‍රම්ප්ගේ මේ අලුත් නමට තාක්ෂණ ක්ෂේත්‍රයේ වැඩකාරයෝ නම් එච්චර කැමති නෑ වගේ. මොකද තාක්ෂණ ලෝකේ "Super Intelligence" කියන වචනය පාවිච්චි කරන්නේ දැනට තියෙන AI වලට වඩා ගොඩක් දියුණු, ඒ කියන්නේ මිනිස් හැකියාවන් සෑම අංශයකින්ම පරදවන මට්ටමේ තියෙන අනාගතයේ එන්න තියෙන තාක්ෂණයකටයි. මෙල්බර්න් විශ්වවිද්‍යාලයේ සයිමන් කොග්ලන් සහ සිංගප්පූරු ජාතික විශ්වවිද්‍යාලයේ බෙන් ලියොන්ග් වගේ විශේෂඥයින් පවා පෙන්වා දීලා තියෙන්නේ මේ නම වෙනස් කිරීමෙන් මිනිස්සුන්ව නොමඟ යන්න පුළුවන් වගේම, වෘත්තීයවේදීන් මේ යෙදුම දැනට තියෙන AI වලට පාවිච්චි කරන්න අකමැති වේවි කියලයි.
කොහොම වුණත් විශේෂඥයෝ මොනවා කිව්වත්, ට්‍රම්ප්ගේ සමීපතමයින් නම් මේ වෙද්දිත් AI වෙනුවට "Super Intelligence" කියලා පාවිච්චි කරන්න පටන් අරන් කියලයි විදෙස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ