මෙලෙස වංචාවට ලක්ව ඇත්තේ බණ්ඩාරවෙල, කොලතැන්න ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි රක්ෂණ සමාගමක රැකියාව කරන තරුණියක්.
වසර දෙකක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය ඇගේ පෙම්වතා දැනට විදේශ රටක රැකියාවක නිරත වන අතර, මුලදී දෙපාර්ශ්වයේම කැමැත්ත ලැබී තිබුණද පසුව හඳහන් නොගැලපෙන බව පවසමින් පෙම්වතා ඇයව මගහැරීමට පටන්ගෙන තියෙනවා.
මේ හේතුවෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වූ තරුණිය, ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ දැනගත් ගුරුන්නාන්සේ කෙනෙකුට දුරකථන ඇමතුමක් දී ඇති අතර, එහිදී හැරගිය පෙම්වතා යළි ලංකර දීමට ගුරුකමක් කළ හැකි බව අදාළ ගුරුන්නාන්සේ පවසලා...
ඒ අනුව ගුරුන්නාන්සේගේ උපදෙස් පරිදි අදාළ ගුරුකම සඳහා රුපියල් 1,19,000ක මුදලක් ATM යන්ත්‍රයකින්ද, තවත් රුපියල් ලක්ෂ හයක මුදලක් ඔහුගේ බැංකු ගිණුමටද තරුණිය විසින් තැන්පත් කර ඇති බව සඳහන්.
නමුත් අවස්ථා කිහිපයකදීම වැඩේ ඉවර කර දෙන ලෙස ඉල්ලා සිටියදී, අදාළ ගුරුන්නාන්සේ පවසා ඇත්තේ වැඩේ අවසන් කිරීමට නම් තවත් රුපියල් ලක්ෂ 15ක මුදලක් අවශ්‍ය බවයි. එමෙන්ම වැඩේ අවසන් නොකළහොත් ඇයට විවිධ රෝගාබාධ සහ කරදරවලට ලක්වීමට සිදුවන බවට බියගැන්වීම නිසා ඇය මෙලෙස පොලිසියට පැමිණිලි කරලා...
කෙසේ වෙතත් බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන සිදුකරනවා.