Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Sep
23
'' බලපෑමකින් බලපත්‍ර තීරණය වෙනස් කළ බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍යයි... ACPOSL පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය අහෝසි කර නැහැ , සංශෝධන කිහිපයක් පමණයි '' - ACPOSL කියයි..

- '' බලපෑමකින් බලපත්‍ර තීරණය වෙනස් කළ බවට ඇතැමුන් කරන ප්‍රකාශ අසත්‍යයි... ACPOSL පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය අහෝසි කර නැහැ , සංශෝධන කිහිපයක් පමණයි '' - ACPOSL කියයි..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

155 Views

පසුගිය සතිය පුරා හෝටල් සහ අනෙකුත් වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා ක්‍රියාත්මක කළ පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය සම්බන්ධයෙන් විවිධ අදහස්, විවේචන මෙන්ම වැරදි තොරතුරුද සමාජගත වූ බව ACPOSL පවසයි. 

වසර ගණනාවක් නිසි ලෙස ක්‍රියාත්මක නොවූ මෙවැනි ක්‍රමවේදයක් යළි ක්‍රියාත්මක කිරීමේදී ගැටලු සහ විරෝධතා මතුවීම තේරුම්ගත හැකි බව සඳහන් කරන ACPOSL, අදාළ ක්ෂේත්‍රවලින් ඉදිරිපත් වූ ප්‍රායෝගික අදහස් සහ යෝජනා සලකා බැලූ බව සඳහන් කරයි.

ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය සහ Ceylon Disc Jockeys Association සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව, දැනට ක්‍රියාත්මක බලපත්‍ර ක්‍රමවේදයේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමටත්, මෙම අවස්ථාවේදී ඇතැම් බලපත්‍ර ගාස්තු කාණ්ඩ අය නොකිරීමටත් ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

එම සංශෝධන පිළිබඳ සම්පූර්ණ විස්තර නිල මාධ්‍ය නිවේදනයක් මඟින් දැනුම් දීමට නියමිත බවද ACPOSL සඳහන් කරයි.

කෙසේ වෙතත්,'' ACPOSL පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදයෙන් ඉවත් වී නොමැති බව '' එම ආයතනය අවධාරණය කර තිබේ.

බලපත්‍ර ක්‍රමය අහෝසි කර ඇති බවට හෝ ඇතැම් පුද්ගලයන්ගේ බලපෑම් හේතුවෙන් තීරණ වෙනස් කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පළවන ප්‍රකාශ සත්‍ය නොවන බවද ACPOSL පවසයි.

අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන පාර්ශ්වයන්ගේ අදහස් සලකා බලා ක්‍රමවේදය වඩාත් ප්‍රායෝගික සහ සාධාරණ ලෙස සංශෝධනය කිරීම පසුබැසීමක් නොව, වගකීම් සහගත පරිපාලන ක්‍රියාවලියක් බව එම ආයතනය පෙන්වා දෙයි.

එමෙන්ම, මෙම සංශෝධන සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත්තේ ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය සහ Ceylon Disc Jockeys Association සමඟ පමණක් බවත්, කිසිදු තනි පුද්ගලයෙකු, සමාගමක්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හෝ වෙනත් පීඩන කණ්ඩායමක් සමඟ සාකච්ඡා කර නොමැති බවත් ACPOSL සඳහන් කරයි.

ගී පද රචකයන්ගේ, සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් පරිපාලනය කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා තම වගකීම කිසිදු ආකාරයකින් වෙනස් වී නොමැති බවද ACPOSL අවධාරණය කර තිබේ.

නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම, ඔවුන්ගේ නිර්මාණ භාවිත කරන ව්‍යාපාරික හා උත්සව ක්ෂේත්‍රවල අදහස්ද සලකා බලමින් වඩාත් ප්‍රායෝගික සහ තිරසාර ප්‍රකාශන හිමිකම් ක්‍රමවේදයක් ගොඩනැගීම තම අරමුණ බව ACPOSL පවසයි.

සංශෝධිත ක්‍රමවේදය සහ අදාළ බලපත්‍ර කාණ්ඩ පිළිබඳ නිවැරදි තොරතුරු නිල මාධ්‍ය නිවේදනයක් මඟින් ඉදිරියේදී පැහැදිලිව දැනුම් දෙන බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් , මේ සම්බන්ධව මීට පෙර ජනප්‍රිය ගායන ශිල්පී කීර්ති පැස්කුවල් සිය සමාජ මාධ්‍ය ගිණුමට විශේෂ සටහනක් එක්කර තිබුණා.

'' මෙම ගාස්තු අය කිරීම හේතුවෙන් සංගීත ක්ෂේත්‍රයට සහ මහජනතාවට ඇතිවන අපහසුතා පිළිබඳව ACPOSL සභාපතිවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළ බවද ,

ඒ අනුව අධ්‍යක්ෂ මණ්ඩලය රැස්වී තීරණයක් ගැනීමට නියමිතව තිබූ අතර, අදාළ ගාස්තු ක්‍රමවේදය වෙනස් කිරීමට තීරණය කර ඇති බව ද තමන්ට දැනගැනීමට ලැබුණු බව කීර්ති පැස්කුවල් සිය සටහනේ සඳහන් කර තිබුණා.. ''

මෙසේ තත්ත්වය එක එක පැත්තට දෝලනය වන පසුබිමක ACPOSL ඒ සම්බන්ධව සඳහන් කළ සම්පුරණ සටහන පහතින්,

'' පසුගිය සතිය පුරා හෝටල් සහ අනෙකුත් වාණිජ ස්ථානවල පැවැත්වෙන උත්සව සඳහා ACPOSL විසින් ක්‍රියාත්මක කරන ලද පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදය (Public Performance Licensing) සම්බන්ධයෙන් විවිධ අදහස්, විවේචන සහ අවාසනාවකට මෙන් වැරදි තොරතුරු රැසක් සමාජගත වී තිබුණි.
වසර ගණනාවක් ශ්‍රී ලංකාව තුළ නිසි ලෙස ක්‍රියාත්මක නොවූ මෙවැනි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේදී ප්‍රශ්න, ගැටලු සහ විරෝධතා ඇතිවීම අපට තේරුම්ගත හැකිය. එම නිසා අදාළ ක්ෂේත්‍රවලින් ලැබුණු ප්‍රායෝගික අදහස් සහ යෝජනා අප ඉතා සැලකිල්ලෙන් සවන් දී සලකා බැලුවෙමු.
ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය (Event Management Association of Sri Lanka) සහ Ceylon Disc Jockeys Association සමඟ පැවැත්වූ සාකච්ඡාවලින් අනතුරුව, දැනට ක්‍රියාත්මක වන බලපත්‍ර ක්‍රමවේදයේ ඇතැම් කොටස් සංශෝධනය කිරීමටත්, මෙම අවස්ථාවේදී ඇතැම් බලපත්‍ර ගාස්තු කාණ්ඩ අය නොකිරීමටත් ACPOSL අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇත.
මෙම සංශෝධන පිළිබඳ සම්පූර්ණ විස්තර හෙට නිකුත් කිරීමට නියමිත අපගේ නිල මාධ්‍ය නිවේදනය මඟින් දැනුම් දෙනු ඇත.
කෙසේ වෙතත්, එක් කරුණක් ඉතා පැහැදිලිව සඳහන් කළ යුතුය.
ACPOSL සිය පොදු ප්‍රසංග බලපත්‍ර ක්‍රමවේදයෙන් කිසිසේත්ම ඉවත් වී නොමැත.
ACPOSL “පසුබැස ඇති බව”, “බලපත්‍ර ක්‍රමය ඉවත් කර ඇති බව” හෝ ඇතැම් පුද්ගලයන් විසින් ඇති කළ බලපෑමක් නිසා ACPOSL සිය තීරණ වෙනස් කළ බවට පවසමින්, ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ සහ විවිධ ප්‍රකාශ නිකුත් කරමින් ඒ සඳහා තමන්ට ගෞරවය ලබා ගැනීමට උත්සාහ කිරීම කනගාටුදායකය.
එය සත්‍ය නොවේ.
අදාළ ක්ෂේත්‍ර නියෝජනය කරන වගකිවයුතු පාර්ශ්වයන්ගේ අදහස්වලට සවන් දී, ක්‍රමවේදයක් වඩාත් ප්‍රායෝගික සහ සාධාරණ ආකාරයකින් සංශෝධනය කිරීම පසුබැසීමක් නොවේ. එය වගකීම් සහගත පරිපාලනයකි.
මෙම සංශෝධන සම්බන්ධයෙන් ACPOSL විසින් සාකච්ඡා කරනු ලැබුවේ ශ්‍රී ලංකා උත්සව කළමනාකරණ සංගමය සහ Ceylon Disc Jockeys Association සමඟය. ඒ, ආයතනික උත්සව, පෞද්ගලික උත්සව සහ අනෙකුත් උත්සව ක්ෂේත්‍රයන් සමඟ සෘජුව කටයුතු කරන පාර්ශ්වයන් ලෙස ඔවුන්ගෙන් ලැබෙන ප්‍රායෝගික අදහස් මෙම ක්‍රමවේදය වඩාත් නිවැරදිව ගොඩනැගීමට වැදගත් වන බැවිනි.
මෙම සංශෝධන සම්බන්ධයෙන් ACPOSL කිසිදු තනි පුද්ගලයෙකු, තනි සමාගමක්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු හෝ වෙනත් පීඩන කණ්ඩායමක් සමඟ සාකච්ඡා කර නොමැත.
එබැවින් ACPOSL විසින් ගනු ලබන මෙම තීරණ තමන්ගේ පුද්ගලික මැදිහත්වීමක හෝ බලපෑමක ප්‍රතිඵලයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම අනවශ්‍ය මෙන්ම ජනතාව නොමඟ යවන සුළු ක්‍රියාවකි.
ACPOSL පවතින්නේ අප වෙත පවරා ඇති ගී පද රචකයන්ගේ, සංගීත නිර්මාණකරුවන්ගේ සහ ප්‍රකාශකයන්ගේ අයිතිවාසිකම් පරිපාලනය කිරීමට සහ ආරක්ෂා කිරීමටය.
එම වගකීම කිසිසේත් වෙනස් වී නොමැත. එම වගකීමෙන් අප ඉවත් වන්නේද නැත.
එමෙන්ම නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යනු ඔවුන්ගේ නිර්මාණ භාවිත කරන ක්ෂේත්‍රවල අදහස් නොසලකා හැරීමක් නොවේ. තිරසාර ප්‍රකාශන හිමිකම් ක්‍රමවේදයක් ගොඩනැගිය හැක්කේ අයිතිවාසිකම් හිමියන් සහ එම නිර්මාණ භාවිත කරන පාර්ශ්ව අතර නිසි සංවාදයක් සහ අවබෝධයක් ඇති කිරීමෙනි.
අපි සවන් දෙන්නෙමු.
අපි සාකච්ඡා කරන්නෙමු.
අවශ්‍ය අවස්ථාවලදී ප්‍රායෝගික සංශෝධන සිදු කරන්නෙමු.
නමුත් නිර්මාණකරුවන්ගේ අයිතිවාසිකම් කිසිවිටෙකත් අත් නොහරින්නෙමු.
සංශෝධිත ක්‍රමවේදය සහ අදාළ බලපත්‍ර කාණ්ඩ පිළිබඳ නිවැරදි තොරතුරු හෙට නිකුත් කරන ACPOSL නිල මාධ්‍ය නිවේදනය මඟින් පැහැදිලිව දැනුම් දෙනු ඇත.
එතෙක් අනුමාන, වැරදි තොරතුරු හෝ පුද්ගලික අර්ථකථන ACPOSL හි නිල තීරණ ලෙස සමාජගත නොකරන ලෙස අප සියලු දෙනාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු.
අපගේ අරමුණ වෙනස් වී නැත.
ශ්‍රී ලංකාවේ සංගීතය භාවිත කරමින් ව්‍යාපාර, උත්සව සහ විනෝදාස්වාද ක්ෂේත්‍රය ඉදිරියට ගෙන යන අතරම, එම සංගීතය නිර්මාණය කළ නිර්මාණකරුවන්ටද ඔවුන්ට හිමි නිසි ගෞරවය සහ අයිතිවාසිකම් ලැබෙන සාධාරණ, ප්‍රායෝගික සහ තිරසාර ක්‍රමවේදයක් ගොඩනැගීම අපගේ අරමුණයි. '' 



Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins
-->



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top