ඔව් හෙට තමයි 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන්නේ. ඉතින් මේ වෙද්දිත් විභාගයට අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලා ඉවරයි කියලා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා.
මෙවර විභාග මධ්‍යස්ථාන 2,723කදී අපේ පුංචි පැටව් 294,089ක් ශිෂ්‍යත්ව විභාගයට මුහුණ දෙන්න සූදානමින් ඉන්නවා. අම්මලා තාත්තලා විශේෂයෙන්ම මතක තියාගන්න ඕන දෙයක් තමයි, දරුවත් එක්ක විභාගය පටන් ගන්න පැයකට කලින්වත් අදාළ විභාග මධ්‍යස්ථානයට යන්න වගබලා ගන්න එක. මොකද අන්තිම මොහොතේ කලබල වෙනවට වඩා ඒක දරුවගේ මානසික නිදහසටත් ගොඩක් වැදගත්.
මේ දවස්වල තියෙන කාලගුණ තත්ත්වය එක්ක මොනවා හරි හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුණොත් කලබල වෙන්න එපා. ඒ ගැන වහාම දැනුම් දෙන්න ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විශේෂ දුරකථන අංක 4ක් හඳුන්වා දීලා තියෙනවා. ඔබේ ප්‍රදේශයේ යම් ගංවතුරක්, නායයාමක් හෝ වෙනත් ආපදා තත්ත්වයක් නිසා දරුවාට විභාග මධ්‍යස්ථානයට යාමට බාධාවක් මතු වුණොත් වහාම මේ අංකවලට කතා කරලා දැනුම් දෙන්න.
හදිසි දුරකථන අංක..
0113 - 66 81 19
0113 - 66 80 26
0113 - 66 80 32
0113 - 66 80 87
හෙට විභාගයට මුහුණ දෙන අපේ රටේ සියලුම පුංචි දරුවන්ට කිසිම බාධාවකින් තොරව විභාගය ඉතාම හොඳින් ලියන්න අවශ්‍ය ශක්තිය, ධෛර්යය සහ වාසනාව ලැබේවා කියලා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා!