තවත් පරක්කු වෙවී ඉන්න ඕන නෑ... ඔන්න ඔයාලගේ Campus හීනයට පාර කැපෙන නිල ලියාපදිංචිය අද ඉඳන්ම ස්ටාර්ට් වෙනවා!
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) විසින් මීට සුළු මොහොතකට කලින් තමයි මේ පිළිබඳ නිල නිවේදනය නිකුත් කළේ.
ලියාපදිංචි වෙන්න ලැබෙන කාලය ඉතාම සීමිත නිසා, දින වකවානු ටික දිනපොතේ හරි ෆෝන් එකේ හරි සේව් කරගන්න එක ඇඟට ගුණයි:
ලියාපදිංචිය ආරම්භය: අද (අගෝස්තු 06) සිට
ලියාපදිංචිය අවසන් දිනය: අගෝස්තු 14 වෙනිදා midnight වෙනකන් විතරයි!
Appeals (අභියාචනා) බාරගන්නා අවසන් දිනය: අගෝස්තු 21 වෙනිදාට පෙර.
ලැබුණු පාඨමාලාව හෝ විශ්වවිද්‍යාලය වෙනස් කරගන්න (Appeal කරන්න) බලාපොරොත්තු වෙනවා නම්, ලියාපදිංචි වෙන ගමන්ම අගෝස්තු 21 වෙනිදාට කලින් ඒකට අදාළ අභියාචනා ඉදිරිපත් කරන්න UGC එක මතක් කරලා තියෙනවා.
සර්වර් Down වෙන්න කලින්, අන්තිම මොහොත වෙනකන් ඉන්නේ නැතුව අදම ඔයාගේ Registration වැඩේ කම්ප්ලීට් කරගන්න.