දරුවන්ගේ සහ ගුරුභවතුන්ගේ ආරක්ෂාව ගැන හිතලා ඊයේ (03) දවසේ මේ ප්‍රදේශවල සියලුම රජයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කළා.
නමුත් කාලගුණය යම් තරමකට යහපත් අතට හැරීමත් එක්ක, ඔන්න දැන් මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ උපදෙස් මත අලුත්ම නිවේදනයක් නිකුත් වෙලා තියෙනවා.
ඒ අනුව මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වසා දමා තිබූ සියලුම පාසල් හෙට (05) සිට යළි විවෘත කිරීමට තීරණය කරලා තියෙනවා! අඛණ්ඩ වර්ෂාපතනය පහව යාමත් සමග, හෙට ඉඳන් සාමාන්‍ය විදිහට අධ්‍යයන කටයුතු කරගෙන යන්න තමයි මේ විදිහට පියවර අරගෙන තියෙන්නේ.
ඉතින් නුවර සහ නුවරඑළිය පැත්තේ ඉන්න අපේ පාසල් දරුවෝ ටික, හෙට ඉඳන් ආයෙත් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න! පරිස්සමෙන් ගිහින් එන්න හොඳේ.