මේ දවස්වල අන්තර්ජාලේ හැමතැනම වගේ කතා වෙන්නේ චීනෙන් අභ්‍යවකාශයට යැව්ව අලුත්ම චන්ද්‍රිකා සමූහය ගැනයි.
ආරංචි වෙන විදිහට, ඊයේ (04) හවස 4:52 ට විතර චීනයේ හයිනෑන් (Hainan) වල තියෙන වාණිජ අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් තමයි මේ දැවැන්ත මෙහෙයුම දියත් කරලා තියෙන්නේ. මේකට පාවිච්චි කරලා තියෙන්නේ මහා බලගතු Long March-8A කියන ප්‍රවාහක රොකට්ටුව. මේ රොකට්ටුවෙන් උඩු ගුවනට යවලා තියෙන්නේ එයාලගේ පහළ කක්ෂීය අන්තර්ජාල චන්ද්‍රිකා වැඩසටහනේ 23 වෙනි කාණ්ඩයයි.
ගොඩක් දෙනෙක් බලාගෙන හිටියේ මේ ඔපරේෂන් එක මොන වගේ වෙයිද, රොකට්ටුව හරියටම වැඩ කරයිද කියලා. හැබැයි කිසිම ගේමක් නැතුව, අර යවපු චන්ද්‍රිකා සෙට් එක නියමිත කක්ෂවලටම සාර්ථකව ගිහින් ස්ථානගත වෙලා තියෙනවා. ඒ කියන්නේ මෙහෙයුම 100% ක්ම සක්සස්!
ඉතින් මේ විදිහට චීනෙන් දිගටම අන්තර්ජාල චන්ද්‍රිකා යවන එකෙන් ලෝකේ වටේම ඉන්න අන්තර්ජාල පාරිභෝගිකයින්ට ඉස්සරහට මොන වගේ වාසි ලැබෙයිද කියලා බලන්න කට්ටියම ඇඟිලි ගනිමින් තමයි ඉන්නේ.