Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
06
"මට ගහපු මඩ ගැන රටේ මිනිස්සු ඕනෙ තරම් දන්නවා..." "හැබැයි මගේ සැමියා මාව තේරුම් අරගෙන මට උපරිම නිදහස දීලා තියනවා..." කලකට පසු ඇය වෙනස්ම කතාවක් කියයි...

- "මට ගහපු මඩ ගැන රටේ මිනිස්සු ඕනෙ තරම් දන්නවා..." "හැබැයි මගේ සැමියා මාව තේරුම් අරගෙන මට උපරිම නිදහස දීලා තියනවා..." කලකට පසු ඇය වෙනස්ම කතාවක් කියයි...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

944 Views

ඇය රංගනය නිසා කා අතරත් ජනප්‍රිය චරිතයක් කියන එක  අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ.

කාගේත් ආදරය දිනාගත්ත ශලනි තාරකා ගැන මේ දවස්වල රසිකයින් කතා වෙන්නේ ඇයගේ කොන්ඩ විලාසිතාව නිසා කිව්වොත් හරි. 


කොහොම වුණත් කාලෙකට පස්සේ ඔන්න ශලනි දැන් රංගනය පැත්තෙන් අධ්‍යක්ෂණය පැත්තට යොමුවෙලා.

ඒ ගැන ඇයට ආදරය කරන බොහෝ දෙනා දන්නවානේ. මේ ඇය අන්න ඒ ගැන කියලා තිබුණ කතාවක්. ශලනිගේ මේ ගමනට ඇයගේ ආදරණීය සැමියාගෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා වගේ.

ශලනි කියන ඒ කතාවලින් මේ බව නම් හොඳටම පැහැදිලි වෙනවා.

අධ්‍යක්ෂවරියක් දක්වා යන්න සැමියාගෙන් ලැබුණ ඉඩ කොහොමද ?

මම රංගන ශිල්පිනියක් විදිහට වැඩ කරන අතරතුරේදියි එයාව මට හම්බවෙලා දැනඅඳුරගෙන ආශ්‍රය කරලා විවාහ වුණේ. සැමියා දන්නවා කලාව මගේ වෘත්තිය කියලා සහ මම කලාවට කොච්චර ආදරය කරනවද කියලා. විවාහවෙලා කැනඩාවට ගිහින් ඉද්දි මම පැය ගණන් අරගෙන තිරපිටපත ලියනකොට එක විනාඩියක්වත් එයා මට බාධා කරලා නැහැ⁣. මම ලංකාවට ඇවිත් රූගතකිරීම්වලට සහභාගීවෙනකොට නිහත හිටියෙ කැනඩාවේ. රූගතකිරීම් කරනකොට මගේ ෆෝන්එක මම ඕෆ් කරලා තියන්නෙ. කවදාවත් නිහත මගෙන් අහලා නැහැ⁣ ෆෝන් ඕෆ් කරන් මොනවද කරන්නෙ කියලා. ක්ෂේත්‍රයේ අපිට අහන්න දකින්න ලැබෙනවා පෙම්වතාට වීඩියෝ කෝල් අරන් පෙන්නන්න ඕන කියලා තමන් කොහෙද ඉන්න ඕන කියලා. හැබැයි මගේ සැමියා මාව තේරුම් අරගෙන මට උපරිම නිදහස දීලා තියනවා. එයා නිතරම මට කියන්නෙ කලා ක්ෂේත්‍රයේ ඉහළටම යන්න කියලා. මම අධ්‍යක්ෂවරියක් දක්වා ආපු ගමනෙදී සැමියා මට දුන්න නිදහස සහ විශ්වාසය මට ලොකු පිටිවහලක් වුණා.

සිනමාවෙ වැඩකරන බහුතරයක් පිරිමි අතරෙ ගැහැනු මුලපිරීම ගැන අදහස මොකක්ද?

කලාවට ගැහැනු පිරිමි බේදයක් අවශ්‍ය නැහැ⁣ කියලයි මම විශ්වාස කරන්නෙ. කලා ක්ෂේත්‍රය ගැන හැදිලා තිබුණ කටකතා නිසා ඉස්සර ගෑනු ළමයි වැඩිය ක්ෂේත්‍රයට ආවෙ නැහැ⁣. හැබැයි මෑත කාලය වෙද්දී කාන්තා අධ්‍යක්ෂවරු, කාන්තා සහාය අධ්‍යක්ෂවරු, කාන්තා කැමරාකරුවො ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් කාන්තාවන්ගේ පැමිණීම හොඳ ප්‍රවනතාවයක් විදිහටයි මම දකින්නෙ.

රංගන ශිල්පිනියක් විදිහට ඉදිරියෙදි ශලනිව දකින්න නොලැබෙයිද?

අනේ නැහැ⁣. සිනමා අධ්‍යක්ෂවරියක්වීම මගේ ජීවිතයේ තවත් එක පියවරක් විතරයි. රඟපාන්න පුළුවන්කම තියාගෙන රංගන හැකියාව අපතෙ හරින්න මම සූදානම් නැහැ⁣. මම රංගනයෙන් දායකවෙන ටෙලිනාට්‍ය සහ චිත්‍රපට දිගටම රසිකයන්ට දකින්න පුළුවන්.

ශලනිට එල්ල වුණ මඩ ප්‍රහාර එක්ක නොසැලී මේ තාක් දුර ආවෙ කොහොමද?

මට ගහපු මඩ ගැන රටේ මිනිස්සු ඕනෙ තරම් දන්නවා. මඩ ගැහුවෙම මාව මානසිකව වට්ටවලා කලා ක්ෂේත්‍රයේ යන ගමන නැති කරන්න. ඒක තේරුම් අරගෙන මම දණිස්සෙන් උඩටවත් මඩ ප්‍රහාර මායිම් කළේ නැහැ⁣. කොච්චර මඩ ගැහුවත් අවසානයේ මගේ හැකියාවෙන් ආපු ගමන නවත්තන්න කාටවත් පුළුවන් වුණේ නැත්තෙ මට මං ගැන හොඳ ආත්මවිශ්වාසයක් තියන නිසයි.

ළඟින් ඇසුරු කරන යාළුවොම සමහර වෙලාවට මඩ ගහන අවස්ථා තියනවා. ක්ෂේත්‍රය තුළ අවංක යාළුවො තියාගන්න පුළුවන්ද?

ක්ෂේත්‍රය තුළ අවංක යාළුකම් පවත්වන්න බැහැ. සමහර වෙලාවට අපිත් එක්ක හොඳට ආශ්‍රය කරන කෙනා පටු වාසි බලාපොරොත්තුවෙන් ඊළඟ මෙහොතෙ අපිට විරුද්ධව වැඩ කරන අවස්ථා තියනවා. ඒ නිසා යාළුවො කවුද කියන එක අවබෝධ කරගෙන සීමාවක් ඇතුව ආශ්‍රය කරන්න ඕන කියන අදහසේ මම ඉන්නවා.

ශලනි හැමදාම එකම විදිහට ලස්සනට ඉන්නෙ කොහොමද?

ඇගේ හැඩය ගැන කිව්වොත් සමහර කාලවලදි මම මහත්වෙන අවස්ථා තියනවා. හැබැයි මම workout සහ කෑම පාලනය කරලා ආපහු සිහින් තත්ත්වයට එනවා. මේ දවස්වල සිහින් විදිහට ඇඟ හදාගෙන ඉන්නෙ. පෙනුම ගැන කිව්වොත් මම කාටවත් ඊර්ෂ්‍යා කරන්නෙ නැතුව වෛර කරන්නෙ නැතුව හිත පිරිසුදුව තියාගෙන ජීවත්වෙන නිසා මගේ පෙනුම ඉස්සර වගේම වෙනසක් නැතුව අදත් එක හා සමානව තියනවා.



අරුණ පුවත්පත ඇසුරෙන්..
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top