කේ. සුජීවා, ලංකාවේ කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනියක්. ඇය ඇතැම් අවස්ථාවලදී ඇයගේ පවුල ගැන විවිධ තොරතුරු රසිකයින් සමග බෙදා ගන්නවා.
සුජීවා ළමා කාලයේ ගොඩක් සැපට හැදුණු දරුවෙක්. ඒ එයාගේ පවුල් පසුබිම නිසා. ඉතින් ඇයට ඒ ජීවිතය උරුමකළ දුන් මව්පියන් සුජීවාට කවදාවත් අමතක වෙන්නේ නැතුව ඇති. සුජීවාගේ ආදරණීය මව පසුගිය දවසක හදිස්සියේම අසනීපවෙලා.
මේ මොහොතේ ඇය මොන තරම් නම් සංවේදී වෙන්න ඇතිද..? අද ඇයත් දියණියන් දෙදෙනෙකුගේ මවක්. ඒ විතරක් නෙවෙයි, ඇයගේ ආදරණීය මව නිසා ඇයගේ ජීවිතය වෙනස් වුණු තැන් බොහෝමයි. අද වෙනකොට ඇයට මේ මව වෙනුවෙන් සුජීවා ඇයට කළ හැකි උපරිමය සිදුකරනවා.
රෝගීව සිටින ඇයට ප්‍රතිකාර සේම ආගමික පැත්තෙන් පවා ලබාදිය යුතු ආශිර්වාද මවට එක්කරන්න සුජීවා අමතක කරලා තිබුණේ නැහැ. කොහොම වුණත්, නොසිතූ මොහොතක ඇතිවුණු මේ තත්වය ගැන සුජීවා සටහනක් එක්කර තිබුණා.
සුජීවාගේ මවට ඉක්මන් සුව පතා ඇයගේ රසිකයින් පවා ආශිර්වාද කරන බව නම් නොරහසක්..
