හැමදාමත් ප්‍රේක්ෂකයන්ට සමීප ඇය, පහුගිය දවසක මුහුණුපොතට එකතු කරපු ඡායාරූපයක් නිසා අන්තර්ජාලය පුරා ලොකු කතාබහක් නිර්මාණය වුණා.
ඒකට හේතුව වුණේ ශලනි ඇගේ ආදරණීය දිගු වරලස සම්පූර්ණයෙන්ම කොටවෙන්න කපලා වෙනස්ම විදිහක අලුත් පෙනුමකින් පෙනී සිටීමයි. මේ අලුත් Hair Cut එක නිසා ඇයගේ සුන්දරත්වය වෙනදාටත් වඩා කැපී පෙනෙනවා කියලයි ඇයට ආදරය කරන බොහෝ දෙනෙක් කියන්නේ. හැබැයි මේ කතාවේ රසවත්ම කොටස තියෙන්නේ ඇයගේ අලුත් රූපය ගැන නෙවෙයි, ඒ ඡායාරූපයත් එක්ක ඇය සටහන් කරලා තිබුණු අපූරු වදන් පෙළ ගැනයි.
"තමන් අසීමිතව ආදරය කරපු තමන්ගේ දිගු වරලස කපා දමන්න පුළුවන් කාන්තාවකට, ඇගේ සිතේ සාමය නැති කරන ඕනෑම දෙයක් ජීවිතයෙන් කපා හරින්නත් පුළුවන්.."
ඇය මේ අපූරු සටහනෙන් දෙන්න හදන පණිවිඩය මොකක්ද? මේක නිකම්ම නිකම් අදහස් දැක්වීමක්ද, එහෙමත් නැත්නම් ජීවිතයේ සාමය වෙනුවෙන් ඇය ගත්තු ලොකු තීරණයක් ගැන කාටහරි දැනෙන්න කියපු කතාවක්ද කියලා දැන් සමාජ මාධ්‍ය පුරාම රසිකයින් අතර කුතුහලයක් ඇතිවෙලා තියෙනවා.
හේතුව කුමක් වුණත්, තමන්ගේ සිතේ සාමය වෙනුවෙන් ඕනෑම තීරණයක් ගන්න පුළුවන් කියන එක වගේම, වෙනසකට මුහුණ දෙන්න බිය විය යුතු නැහැ කියන එක ශලනි මේ අලුත් වෙනසින් අපූරුවට සමාජයට කියනවා. ඇයගේ මේ අලුත් සුරූපී පෙනුමට වගේම, ඒ නිර්භීත අදහසටත් රසිකයින්ගෙන් නම් ලැබෙන්නේ ආදරණීය ප්‍රතිචාරයක්!