මැලේසියාවේදී පැවැත්වුණු 09 වන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙල - 2026 (9th Golden Globe Award - 2026) ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී, “රිවස්ටන්” චිත්‍රපටයේ දක්වන ලද විශිෂ්ට රංගනය වෙනුවෙන් මහේන්ද්‍ර පෙරේරා මහතා හොඳම නළුවාට හිමි සම්මානය හිමිකර ගැනීමට සමත් වුණා.
එමෙන්ම එම චිත්‍රපටයේම දැක්වූ දක්ශ රංගනය වෙනුවෙන් ප්‍රියන්ත සිරකුමාර මහතා හොඳම සහාය නළුවාට හිමි සම්මානයෙන් පිදුම් ලැබීම විශේෂත්වයක්..
අද පස්වරු 4.01 ට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ශ්‍රීලන්කන් ගුවන් සේවයට අයත් UL 315 දරන ගුවන් යානයෙන් ඔවුන් දෙදෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.
ජාත්‍යන්තරය දිනාගෙන පෙරළා පැමිණි මෙම සුපිරි රංගන ශිල්පීන් දෙදෙනා පිළිගැනීම සඳහා “රිවස්ටන්” චිත්‍රපටයේ නිෂ්පාදිකා නිමන්ති පෝරගේ මහත්මිය ඇතුළු මෙරට සිනමා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ ශිල්පීන් විශාල පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වන්නේ.
ලොව පුරා විවිධ සිනමා සම්මාන උළෙලවලදී ඇගයීමට ලක්වූ විශිෂ්ටතම සිනමා නිර්මාණ පමණක් තරග වැදුණු මෙම ජාත්‍යන්තර සිනමා උළෙලේදී, අපේ රටේ රංගන ශිල්පීන් දෙදෙනෙකු මෙලෙස ඉහළම සම්මාන දිනාගැනීම මුළු රටටම සැබවින්ම විශාල ගෞරවයක්...