ඒ අනුව, ජූලි 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනයට සමගාමීව, ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී පැවැත්වෙන ජාතික උත්සවයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා විසින් අදාළ විශේෂ ගැසට් පත්‍රවලට අත්සන් තැබීමට නියමිතයි.
මෙලෙස අලුතින් රක්ෂිත කෙරෙන කඩොලාන පද්ධති 08
තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 13.06
සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 10.91
මුතලප්පාලි කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 22.74
කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 4.43
කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිතය (ආරච්චිකට්ටුව) - හෙක්ටයාර් 4.47
කරඹේ කඩොලාන රක්ෂිතය (කල්පිටිය සහ මුන්දලම) - හෙක්ටයාර් 76.82
කන්දකුලිය කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 17.47
මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිතය (කල්පිටිය) - හෙක්ටයාර් 12.82
ශ්‍රී ලංකාවේ සමස්ත කඩොලාන භූමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර, ඉන් වැඩි ප්‍රමාණයක්ම පිහිටා තියෙන්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය සහ කලපු ආශ්‍රිතවයි.
නවතම පර්යේෂණවලට අනුව මෙරටින් කඩොලාන ශාක විශේෂ 11ක් පමණ වාර්තා වෙනවා.
කඩොලාන පරිසර පද්ධතිවල තියෙන පාරිසරික, ආර්ථික හා සමාජයීය වැදගත්කම සලකලා 2015 UNESCO සමුළුවේදී තමයි ජූලි 26 වන දින අන්තර්ජාතික කඩොලාන සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ.