මේ කියන්න යන්නේ අන්න ඒ ගැන ඇසුණු විශේෂ ආරංචියක්. ඉන්දීය රසමුසු ආහාර අපේ රටේ බොහෝමයක් ජනතාව අතර ජනප්‍රියයි.
ඒ නිසාම ශ්‍රී ලාංකික රස ඉන්දියාවේ ජනතාවට සමීප කිරීමේ අරමුණ ඇතිව සිදුකරලා තියන මේ අලුත්ම වැඩේ මොකක්ද කියලා දන්නවාද..?
ශ්‍රී ලංකාවේ අනන්‍ය වූ දේශීය රසයන් සහ දීර්ඝකාලීන ආහාර සංස්කෘතිය ඉන්දීය වැසියන් අතරට ගෙන යාමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ශ්‍රී ලාංකේය ආහාර උළෙලක් (Sri Lanka Food Festival) ඉන්දියාවේ අගනුවර වන නවදිල්ලි හිදී සාර්ථකව පැවැත්වෙනවා.
නවදිල්ලි නුවර Pullman New Delhi Aerocity හි පිහිටි 'Farmers' Basket at Pluck' පරිශ්‍රයේදීයි මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ.
එහිදී, පසුගිය ජූලි 17 වනදා ආරම්භ වූ මෙම ආහාර උළෙල එළඹෙන ජූලි 26 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මෙහිදී ආප්ප, කොත්තු රොටි, ව්‍යාංජන, නැවුම් මුහුදු ආහාර සහ දේශීය සම්බෝල ඇතුළු ශ්‍රී ලාංකේය සාම්ප්‍රදායික ආහාර වර්ග රැසක් ඉන්දීය පාරිභෝගිකයින්ට රස බැලීමට හැකියාව පවතිනවා.