කුරුණෑගල මලියදේව විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවැත්වීමට නියමිතව තිබූ "මතක ස්වර" සංගීත ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් උපයාගත් රුපියල් ලක්ෂ 45ක පමණ මුදලක් වංචා කළ ප්‍රධාන සංවිධායකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා කුරුණෑගල මූලස්ථාන පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙහි රුපියල් 2500 සිට 7500 දක්වා මිල ගණන්වලට ටිකක්ට් පත් අලෙවි වී ඇති අතර, මහනුවර කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති ප්‍රසංගයේ එක් සංවිධායකවරයෙක් මෙය සිදුකර ඇති බවටයි වාර්තා වෙන්නේ..
පුද්ගලයන් දෙදෙනෙකුගේ එකමුතුවෙන් සංවිධානය කර තිබූ මෙම ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර, දිවයිනේ ප්‍රසිද්ධ පොත් අලෙවිසල් ජාලයක කුරුණෑගල පිහිටි ශාඛාව හරහා අලෙවි කර තිබුණා.
ප්‍රසංගයට සහභාගී වීමට නියමිතව සිටි ගායකයින්ගේ ජනප්‍රියත්වය හේතුවෙන් ප්‍රසංගයට දින දෙකක් පමණ ඉතිරිව තිබියදීත් ප්‍රවේශපත්‍ර සියල්ලම පාහේ අලෙවි වී අවසන්ව තිබූ බව වාර්තා වෙනවා.
කෙසේ වෙතත්, අතුරුදන්ව ඇති සැකකාර සංවිධායකවරයා අදාළ පොත් අලෙවිසලට පැමිණ ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ලැබී තිබූ සියලුම මුදල් රැගෙන යන ආකාරය එහි සවිකර තිබූ CCTV කැමරාවල සටහන්ව ඇති අතර, එම දර්ශන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ද සංසරණය වෙමින් පවතිනවා.
මෙම සැකකරු මීට පෙරද කුරුණෑගල නගරය ආශ්‍රිතව මෙවැනි විවිධ ඉසව් සංවිධානය කළ අයෙකු බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වෙන්නේ..