1958 වසරේ ජුනි මස 11 වැනිදා නුගේගොඩ දී මෙලොව එළිය දුටු ඇය සිය සංගීත දිවිය ආරම්භ කරන්නේ වයස අවුරුදු හතේදීයි.
ලාංකේය ගායන ක්ෂේත්‍රයේ අද්විතීය නාමයක් සනිටුහන් කරමින් ප්‍රවීණත්වයට පත් වන ඇය සිංහල සිනමාව සහ ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රාවක හදවත්වලට කතා කළා.
ශ්‍රී ලාංකේය ගායන ක්ෂේත්‍රය බටහිර ආරේ වේග රිද්ම ගීතවලින් බැබළවූ ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක, ඇයගේ සුවිශේෂී හඬ පෞරුෂය සහ ගායන විලාසය තුළින් දේශීය සංගීතයට එක් කළේ වෙනස් හැඩයක්.
බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන මරියසෙල්ගේ වෘත්තීය ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස "කැන්ඩි ලැමිස්සි" ගීය හඳුන්වාදෙන්න පුළුවන්. ඇය ඒ ගීය 1977 වර්ෂයේදී ගීතය පටිගත කර තිබුණා..
ඒ ගීය සේම, කුමරාණනේ, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, ගැයූ ගී, යොවුන් සිහින ලෝකේ, පහන් නොවන රැයක ඇතුළු අතිශය ජනප්‍රිය ගී රැසක් මෙරට පරම්පරා ගණනාවක රසිකයින්ගේ සිත් සතන් සැනසූ බවට විවාදයක් නැහැ.
අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අභාවප්‍රාප්ත වන විට සිය දිවියේ 68 වැනි කඩඉමත් පසු කර තිබුණා.
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ අභාවය සැලවීමත් සමග කලාකරුවන් රැසක් කළුබෝවිල ශික්ෂණ රෝහල වෙත පැමිණ සිටියා. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දීමට නියමිතයි.
සිය අනන්‍ය වූ සුගායනීය හඬින් පහන් නොවන රැයක් ඉතිරි කරමින්, ගී ලොව වර්ණවත් කළ ආදරණීය මරියසෙල්, සුවහසක් රසික ජනතා අතර, ඒ මධුර ස්වරයේ මතකයන් කරමින් නික්මගිය ඔබට මොක් සුව අත්වේවා..