Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Aug
21
'' අහස සේ ඔබ අනන්තයි..සයුර සේ ඔබ අනන්තයි..'' හෙළ ගී කෙත අස්වැද්දු අමරණීය ස්වර දැහැන , ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කටයුතු හෙට..

- '' අහස සේ ඔබ අනන්තයි..සයුර සේ ඔබ අනන්තයි..'' හෙළ ගී කෙත අස්වැද්දු අමරණීය ස්වර දැහැන , ආචාර්ය නන්දා මාලනියගේ අවසන් කටයුතු හෙට..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

292 Views

අහස සේ ඔබ අනන්තයි..
සයුර සේ ඔබ අනන්තයි..
අහස සේ ඔබ අනන්තයි..
සයුර සේ ඔබ අනන්තයි..
මේ විශ්වයේ මා දකින්නේ ඔබම පමණයි ඔබ අනන්තයි..



ශ්‍රී ලාංකේය සංගීත ක්ෂේත්‍රය සිය මියුරු, ගැඹුරු හඬින් අමරණීය කළ, ‘ජාතියේ යශෝරාවය’ ලෙස මුළු මහත් ජාතියේම ගෞරවාදරයට පාත්‍ර වූ ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය නන්දා මාලනිය ඊයේ පස්වරුවේ දැයෙන් සදහටම සමුගත්තා.

මියයන විට ඇය 82 වැනි වියේ පසුවූවා.

වඩාත්ම සංවේදී සහ හදවත කම්පා කරවන කරුණ වන්නේ, ලබන අගෝස්තු 23 වන දිනට යෙදී තිබූ ඇගේ 83 වැනි ජන්ම දිනය සැමරීමට තවත් දින තුනක් පමණක් ඉතිරිව තිබියදී ඇය මෙලෙස දිවි රඟමඩලෙන් නික්ම යාමයි.

1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූවේදී මෙලොව එළිය දුටු ඇය, දශක ගණනාවක් මුළුල්ලේ මෙරට රසික හදවත් සිය අසමසම ගායන පෞරුෂයෙන් නැහැවූ මහා යුග පුරුෂවරියක් බඳු කලාකාරිනියකි.

එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුවරියගේ මගපෙන්වීම මත ලංකා ගුවන් විදුලියේ කරුණාරත්න අබේසේකරයන්ගේ "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වෙමින් "බුදු සාදු" ගීතය ගායනා කරමින් ඇය සිය සංගීත ගමන ආරම්භ කරනු ලැබුවා.

පසුව 1961 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය වූ "රන්මුතු දූව" චිත්‍රපටයේ පණ්ඩිත් අමරදේවයන්ගේ සංගීත අධ්‍යක්ෂණයෙන් නාරද දිසාසේකරයන් සමඟ "ගලන ගඟකි ජීවිතේ" ගීතය ගායනා කරමින් චිත්‍රපට පසුබිම් ගායනයට පිවිසි ඇය, එතැන් පටන් දශක ගණනාවක් පුරා හෙළ ගීත කෙත පෝෂණය කළා.

ඉන්දියාවේ භාත්ඛණ්ඩේ සංගීත විද්‍යාපීඨයෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරා විශාරද උපාධිය ලබාගත් ඇය, 'සත්‍යයේ ගීතය', 'පවන', 'හේමන්තයේදී', 'පෙම්බර ලංකා' වැනි අතිශය ජනප්‍රිය ඒකපුද්ගල ගීත ප්‍රසංග සහ ගීත ඇල්බම ගණනාවක් රටට දායාද කළ අතර, කුඩා දරුවන් වෙනුවෙන් "සින්දු හෝඩිය" ඇතුළු ළමා ගීත නිර්මාණය කිරීමටද ඇය පියවර ගත්තා.

ඇගේ විශිෂ්ට ගායන කෞශල්‍යය වෙනුවෙන් හොඳම ගායිකාවට හිමි සරසවිය සම්මාන 12ක් සහ ජනාධිපති සම්මාන 10ක් ඇතුළු ජාතික හා අන්තර්ජාතික සම්මාන රැසකින් පිදුම් ලබා තිබෙනවා.

දශක ගණනාවක් පුරා පරම්පරා ගණනාවකගේ දුක, සතුට, විරෝධය මෙන්ම ආදරයද තම ස්වරයෙන් ප්‍රතිරාවය කළ ඒ අසහාය හඬ සදහටම නිහඬ වීම සමස්ත ලාංකේය ජාතියටම කිසිදා පිරවිය නොහැකි අතිමහත් හිස්තැනක්.

ඇගේ මුළු ජීවිතයම වාගේ, ඇගේ අවසානයද අපි හැමෝටම ආදර්ශයක්.

ඇගේ අන්තිම කැමති පත්‍රයේ විදියට ඇගේ අවමංගල්‍ය කටයුතු සිදුවෙන්නේ ඉතා චාම් විදියටයි.

ඒ අනුව ඇයගේ දේහය මේවන විට ඇය පදිංචි වෙලා හිටිය නාවල පාර, අංක 30, විජයභා මාවත, නන්දා මාලිනී සංගීත ආශ්‍රමයේ තබා තිබෙනවා.

හෙට ඇගේ දේහය හවස 3.30 දක්වා මහජන ගෞරවය උදෙසා ඇගේ නිවසේම තැන්පත් කර තිබෙනවා.
ඉන් අනතුරුව පස්වරුවේ ඇගේ අවසන් කැමැත්තට ගරු කරමින්, කිසිදු නිල හෝ විශේෂ අවමංගල්‍ය උත්සවයකින් තොරව අවසන් කටයුතු බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත වනවා.

ගොඩක් අයට ප්‍රශ්නයක් වෙන්න පුළුවන් , ඊට වඩා ඉඩකඩ එහෙම තියෙන තැනක දේහය තැන්පත් කරන්නේ නැත්තේ ඇයි , අවමංගල උත්සව වැනි දේවල්.. ඒත් එතුමියගේ අවසන් කැමැත්ත තමයි මේක..

ඉතින් කොන්ඩේ තනි කරලට ගොතලත්, සුදු සාරියක් ඇඳගෙනත් කටහඬින් මිනිස්සුන්ව දිනාගන්න පුළුවන් කියලා මනාවට පෙන්වපු එකම ආදර්ශමත් කාන්තාව ඇය බව පිළිගත යුතුමය..

කෙසේ වුවත් , ප්‍රවීණ සංගීතවේදිනී, ආචාර්ය නන්දා මාලනීගේ අභාවය හේතුවෙන් 2026 අගෝස්තු මස 21, 22 සහ 23 යන තෙදින ජාතික ශෝක දින ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.

මලට රෙණු සේ ඔබ ලග ඉන්නම්
සඳට තරුව සේ තනිය මකන්නම්
නෙතට කදුල සේ නෙත ලග ඉන්නම්..
මියෙන තුරා ආදරේ කියන්නම්..

ජාතියේ යශෝරාවය
නන්දා මාලනිය ඔබට අමාමහ නිවන්සුව ලැබේවා !
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top