මියයන විට ඇය 83 වැනි වියේ පසුවුණා.
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූවේදී ජන්මලාභය ලැබූ ඇය, සිය නව යෞවන වියේදී අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ කොටහේන ශ්‍රී ගුණානන්ද විද්‍යාලයෙනි.
එහිදී ටී.එන්. මාග්‍රට් පෙරේරා ගුරුතුමියගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කරුණාරත්න අබේසේකරයන්ගේ සුප්‍රකට "ළමා මණ්ඩපය" වැඩසටහනට එක්වූ ඇය, "බුදු සාදු" ගීතය ගායනා කරමින් සිය අසමසම සංගීත චාරිකාව ආරම්භ කළාය.
දශක ගණනාවක් පුරා මෙරට සංගීත ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ ඒ අසහාය හඬ පෞරුෂය සදහටම නිහඬ වීම සමස්ත දැයටම පිරිමැසිය නොහැකි මහා පාඩුවක්.