ඒ හිටපු කැබිනට් අමාත්‍ය මෙන්ම මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ ආදරණීය බිරිඳ අවාසනාවන්ත හදිසි අනතුරකින් ජීවිතක්ෂයට පත්වීමයි.
ලැබී ඇති තොරතුරුවලට අනුව මෙම අවාසනාවන්ත අනතුර සිදුවී ඇත්තේ ඔවුන්ට අයත්, අලුතින් ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක් ආශ්‍රිතවයි. එම ගොඩනැගිල්ලේ දෙවන මහලෙන් බිමට වැටීමෙන් ඇය මෙම දරුණු අනතුරට මුහුණ පා තිබෙනවා.
අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර මැද ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද උදෑසන මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවන ගමනින් සමුගෙන ඇත්තේ.
මෙසේ හදිසියේම සිය පවුලේ අය හැරදා ගියේ වයස අවුරුදු 55ක් වූ දේශානි ගුණරත්න මහත්මියයි. ඇය දරුවන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් ද වනවා. කිසිවෙකුත් නොසිතූ මොහොතක සිදුවූ මෙම හදිසි වියෝව ජගත් පුෂ්පකුමාර මහතා ඇතුළු පවුලේ ඥාතීන්ට මෙන්ම හිතවතුන්ටද දරාගත නොහැකි විශාල කම්පනයක් ගෙන දී තිබෙනවා.
මියගිය දේශානි ගුණරත්න මහත්මියගේ දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතුවලින් අනතුරුව, අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය තණමල්විල පිහිටි ඔවුන්ගේ නිවසට රැගෙන යාමට මේ වනවිට නියමිත බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මෙම අතිශය දුක්බර මොහොතේ ජගත් පුෂ්පකුමාර මහතාටත්, දරුවන්ට සහ පවුලේ සියලු දෙනාටත් මේ බලවත් ශෝකය දරාගැනීමට අවශ්‍ය ධෛර්යය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු!