ඊයේ (15) පස්වරුවේ මීරිගම, මදුරුපිටිය ප්‍රදේශයෙන් ගලාගෙන යන මා ඔයේ දිය නාන්න තරුණයින් තුන්දෙනෙක් ගිහින් තියෙනවා. විනෝදෙන් දිය නාමින් හිටපු මේ තරුණයින් තුන්දෙනාම නොසිතූ මොහොතක එකවරම දියේ ගිලෙන්න පටන් අරන්. මේ කලබලය දැක්ක ප්‍රදේශවාසීන් වහාම ක්‍රියාත්මක වෙලා ජීවිත බේරාගන්න ලොකු සටනක් දීලා තියෙනවා.
කොහොම හරි ගම්වාසීන් එකතු වෙලා දියේ ගිලෙමින් හිටපු තරුණයින් දෙන්නෙක්ව ගොඩට අරගෙන කඩිනමින් දඹදෙණිය රෝහලට ඇතුළත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒත් අවාසනාවකට, රෝහලේ ප්‍රතිකාර ලබමින් හිටපු එක් තරුණයෙක් සියලු දෙනාම කඳුළින් තියලා ජීවිත ගමනින් සමුගෙන තිබුණා.
මෙසේ අකාලයේ ඇස් පියාගත්තේ මීරිගම ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19ක යෞවනයෙක්.
අනිත් කණගාටුදායකම කාරණාව තමයි, මේ අනතුරට මුහුණ දීපු අනෙක් තරුණයා මේ වනතුරුත් අතුරුදන්ව සිටීම. ඔහුව හොයාගන්න මීරිගම පොලීසිය, පොලිස් ජීවිතාරක්ෂක ඒකකය වගේම ප්‍රදේශවාසීන් එකතු වෙලා මේ වෙද්දිත් දැවැන්ත සෙවුම් මෙහෙයුමක් දියත් කරලයි තියෙන්නේ.