පොලිස් පරීක්ෂණවලදී හෙළිවූ අතිශය තිගැස්මජනක තොරතුර වන්නේ, මේ කුරිරු වැඩේ කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි... ඒ පුංචි දැරියගේම අම්මා...
තමන්ගේ ලෙයින් උපන් දරුවාව මෙලෙස පාරට ඇද දමා තිබෙන්නේ ඇගේ අනියම් පුරුෂයා සමඟ එකතු වී බවටයි තොරතුරු වාර්තා වන්නේ. තමන්ගේ සතුට වෙනුවෙන්, කිසිවක් කරකියාගත නොහැකි අවුරුදු 4ක අහිංසක පැටියෙකුව මෙලෙස මඟදමා යන්න තරම් මේ අම්මා කියන තැනැත්තිය කොයි තරම් කුරිරු වුණාද?
සිද්ධිය සැලවීමත් සමඟ ක්‍රියාත්මක වූ හාලිඇල පොලිසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදීයි මෙම යුවළ අත්අඩංගුවට ගෙන තිබෙන්නේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වත්තේගම පොලිස් ස්ථානය වෙත භාරදීමට නියමිතයි.