මුළු ලෝකයම, තමන්ගේම පණ වගේ ආදරේ කරන ලෙයින් උපන් දරුවෙක් හා සමාන ලොකු ශක්තියක්...
තමන්ගේ පුංචි සුරතල් බලු පැටියා වෙනුවෙන් අවසාන මොහොත දක්වාම ආදරය සෙනෙහස ලබා දීලා, අන්තිම මොහොතේදීත් අතිශය ගෞරවාන්විත විදිහට පින් පමුණුවමින් අවසන් කටයුතු සිදු කළ අතිශය සංවේදී පුවතක් ගැනයි මේ කියන්න යන්නේ...
තමන්ගේ පණ වගේ ආදරේ කරපු "සාෂා" නමැති ආදරණීය සුරතල් බලු පැටියාගේ හදිසි වෙන්වීම හමුවේ, ඇගේ ආදරණීය හිමිකාරිය තැබූ මේ සටහන බලන ඕනෑම කෙනෙකුගේ ඇසට කඳුලක් උනන්නේ නොදැනීමයි.
අවසන් කටයුතු සිදුකළ අන්දම දැක්වෙන සංවේදී ඡායාරූප කිහිපයක්ද මුහුණු පොතට එකතු කරමින් ඇය සටහන් කර තිබුණේ මෙන්න මේ වගේ පපුව රිදෙන කතාවක්.
"මගේ රත්තරන් සාෂාට නිවන් සුවයම ලැබේවා... මං ආදරේ කෙරුවටත් වඩා ඔයාට ආදරේ කරන අම්මා කෙනෙක් ළඟ ඉපදිලා රෝස මලක් වගේ ලස්සනට ජීවත් වෙන්න මගේ පණ...මගේ සාෂා වෙනුවෙන් ප්‍රාර්ථනා කරපු ඔයාලා හැමෝටම ගොඩක් පිං..."
තමන්ගේ පවුලේම සාමාජිකයෙක් වගේ ළඟින් හිටපු සුරතල් සතෙක් වෙනුවෙන් මෙතරම් පිවිතුරු ආදරයක් සහ කරුණාවක් දක්වන මිනිස්සු අද සමාජයේ හරිම දුර්ලභයි. තමන්ගේ සුරතල් බලු පැටියා වෙනුවෙන් ඇය කළ ඒ ගෞරවාන්විත කැපවීම සහ අවසාන උපහාරය දුටු බොහෝ දෙනෙක් සමාජ මාධ්‍ය ඔස්සේ ඇගේ දුක බෙදා ගනිමින්, පුංචි සාෂා වෙනුවෙන් සුබ අනාගතයක් සහ සන්සුන් භවයක් ප්‍රාර්ථනා කර තිබුණා.