සමාජ මාධ්‍යයේ නිතරම ක්‍රියාකාරී වන මේ ආදරණීය දෙපළ ගැන මේ දවස්වල නැවතත් කාගේත් අවධානය යොමු වෙලා තියෙනවා...
ඒකට විශේෂම හේතුව තමයි ඔවුන්ගේ ජීවිතයට ආලෝකයක් ගෙනාපු ආදරණීය පුංචි දියණියගේ ජීවිතයේ අතිශය සුන්දර සන්ධිස්ථානයක් සනිටුහන් වීම.
තමන්ගේ ආදරණීය පුංචි දියණිය වන යේළි බබාගේ "අකුරු කියවීමේ" මංගල්‍යය පසුගියදා හරිම ලස්සන විදිහට පවත්වා තිබෙනවා. නැණ නුවණ පිරි දරුවෙකු ලෙස සමාජයට දායාද කිරීමේ පළමු පියවර තබමින්, චාරිත්‍රානුකූලව යේළි බබාට අකුරු කියවීම සිදුකරලා තිබුණා..
මේ විශේෂ අවස්ථාවේ ගත් අතිශය සුන්දර සහ ආදරණීය ඡායාරූප කිහිපයක් එකතු කරමින් ඔවුන් තමන්ගේ නිල මුහුණු පොතට සටහනක් එකතු කරලා තිබුණේ මෙන්න මේ විදිහටයි..
"අපේ යේළි බබාගේ අකුරු කියවීම… "
තමන්ගේ ලෙයින් උපන් පුංචි දියණිය නැණ නුවණින් පිරි පින්වත් දරුවෙකු වෙනවා දකින්න ඕනෑම අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් හීන දකිනවා.
පුබුදුගේ සහ මෂිගේ ආදරණීය පුංචි යේළි දියණියට සියලු නැණ නුවණ, සරස්වතී දේවියගේ ආශීර්වාදය සහ දීර්ඝායුෂ ලැබේවායි අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු..
