කසයක් අතින් අරන් පෙරහැරේ යන ගමන් තමන්ගේ පුංචි දියණියවත් ළඟින් තියාගෙන යන ඒ තාත්තගේ වීඩියෝව බලලා සමහරු එක එක කතා කියන්න පටන් ගත්තා.
නමුත්, තත්පර කිහිපයක වීඩියෝ කෑල්ලක් දැකලා පිටින් පේන දේට විතරක් තීන්දු දෙන සමාජයක් ඇතුළේ... ඒ තාත්තගේ හදවත ඇතුළේ තිබුණු ඇත්තම කතාව ඊට වඩා ගොඩක් වෙනස්, අතිශය සංවේදී එකක්...
මේ අහිංසක දියණියට අම්මා කෙනෙක් නැහැ... ඇය ජීවත් වෙන්නේ තමන්ගේ ආදරණීය තාත්තයි, අත්තම්මයි එක්ක. දවස් දෙක තුනක් තිස්සේ පෙරහැරේ රාජකාරියට යද්දී මේ පුංචි දියණියව තනියම දාලා යන්න ඒ තාත්තට හිත දුන්නේ නැහැ.
ඕනෑම නම් ඒ තාත්තට තිබුණා දරුවව ළඟ ගෙදරක හරි වෙන කාට හරි බාරදීලා යන්න... නමුත් අද සමාජයේ දිනපතා අහන්න දකින්න ලැබෙන භයානක සහ කුරිරු සිදුවීම් එක්ක, තමන්ගේ පණ වගේ ආදරේ කරන දියණියව වෙන කාටවත් බාරදෙන්න ඒ තාත්තගේ හිත ඉඩ දුන්නේ නැහැ..
පෙරහැරේ මහන්සි වෙලා කස පහරවල් ගහද්දී දැනෙන වේදනාවට වඩා, තමන්ගේ දියණිය තමන්ගේ ඇස් මානයේ සුරක්ෂිතව ඉන්නවා කියන සැනසීම ඒ තාත්තට ලොකු ශක්තියක් වුණා. මේ ලෝකේ තමන්ගේ දුවගේ ආරක්ෂාව ගැන තාත්තා කෙනෙක් තරම් හිතන්නේ වෙන කවුද?