පුංචි තිරය හරහා ප්‍රේක්ෂකයන්ගේ ආලින්දයට ආපු ඇය, ඇගේ අපූරු රංගන කුසලතාවය වගේම නිහතමානී සුන්දරත්වය නිසාම හැමෝගෙම ආදරය දිනාගන්න සමත් වුණා. ලංකාවේ ඉන්න ලස්සනම නිළියන්ගේ ලැයිස්තුවක් හැදුවොත් එතන නෙත්මිට අනිවාර්යයෙන්ම විශේෂ තැනක් හිමිවෙනවා නොඅනුමානයි.
නිතරම සමාජ මාධ්‍ය හරහා තමන්ට ආදරය කරන ප්‍රේක්ෂකයින් එක්ක සම්බන්ධ වෙන නෙත්මි, පහුගිය දවසක ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. ඉතාමත් ආකර්ෂණීය ලස්සන ගවුමකින් සැරසිලා, ඇයටම ආවේණික වූ ඒ සුන්දර හිනාවෙන් මුහුණ සරසාගෙන ගත්තු මේ ඡායාරූප නම් දැක්කම ඇස්වහගන්න බැරි තරම් අපූරුයි.
මේ ඡායාරූප පෙළත් එක්ක ඇය ෆේස්බුක් එකේ අපූරු සටහනකුත් තියලා තිබුණා. ඇය එහි සඳහන් කරලා තිබුණේ, "A little smile, a lot of magic." (පුංචි හිනාවක්, ගොඩක් මැජික්) කියලයි. ඇත්තටම ඇය කියනවා වගේම ඇගේ ඒ පුංචි හිනාව ඇතුළේ ඕනෑම කෙනෙක්ව වසඟ කරන ලොකු මැජික් එකක් තියෙනවා කියලයි ඇයට ආදරය කරන රසිකයෝ නම් කියන්නේ.
ඇගේ රූ සපුව වර්ණනා කරමින් බොහෝ දෙනෙක් සුබ පැතුම් එක්කර තිබුණා. ඉතින් නෙත්මිගේ ඒ මැජික් හිනාව පිරුණු ලස්සන ඡායාරූප පෙළ ඔබත් බලන්නකෝ.