මෙතෙක් ලංකාවේ බිහි වූ දැවැන්තම සංගීත සැණකෙළිය ලෙස ඉතිහාසයට එකතු වෙන්න යන ඒ මහා ප්‍රසංගය හෙට, එනම් අගෝස්තු මස 15 වනදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා...
මෙම දැවැන්ත සංගීත අත්දැකීම දිගහැරෙන්නේ කොළඹ Port City පරිශ්‍රයේදීයි. සවස 06:00 සිට පසුදින අලුයම 01:00 දක්වා පැය ගණනාවක් පුරා නොනවත්වා පැවැත්වෙන මේ දැවැන්ත ප්‍රසංගය සංවිධානය කරන්නේ SUN FM විසිනුයි.
"SUN FEST" නමින් පැවැත්වෙන මේ දැවැන්ත ප්‍රසංගය වෙනුවෙන් මේ වන විටත් Port City පරිශ්‍රයේ අති දැවැන්ත වේදිකාවක් සහ අතිනවීන ආලෝක මෙන්ම ශ්‍රව්‍ය තක්ෂණයෙන් යුත් සැකසුම් සූදානම් කර අවසන්.
ඒ වගේම සුපිරි විදේශීය කලාකරුවන්, දැවැන්ත DJ සංගීතවේදීන් ඇතුළු බොහෝ දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනවා...