පාඩම් කරලා, නිදි මරලා අවුරුදු ගාණක් මහන්සි වුණු අපේ ළමයින්ගේ මහන්සියේ ප්‍රතිඵල නෙළාගන්න දවස හෙටින් පටන් ගන්නවා.
මෙවර විභාගය ලබන සැප්තැම්බර් 05 වැනිදා වෙනකම්ම දිවයින පුරා පිහිටි විභාග මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට සියලුම කටයුතු සූදානම් කරලයි තියෙන්නේ.
මේ දවස්වල තියෙන වෙනස් වෙන කාලගුණයත් එක්ක විභාගෙට යන අයට මොනවා වෙයිද කියලා දෙමාපියන් වගේම ළමයිනුත් පොඩි බයකින් නේද ඉන්නේ? හැබැයි ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ!
විභාගය ලියන අතරතුර හදිසියේවත් මොනවා හරි ආපදා තත්ත්වයක් ඇතිවුණොත්, ඒකට මුහුණ දෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ඇතුළත් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එකතු වෙලා මේ වෙද්දිත් සකස් කරලයි තියෙන්නේ කියලා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරනවා. ඒ නිසා හදිසි වැස්සක් හරි ගංවතුර තත්ත්වයක් හරි ආවත් ළමයින්ගේ විභාග කටයුතුවලට බාධාවක් නොවෙන්න බලධාරීන් සූදානමින් ඉන්නේ.
ඒ නිසා, කිසිම දේකට බයවෙන්නේ නැතුව, හිත සන්සුන් කරගෙන විභාගය උපරිමයෙන්ම ලියන්න කියලා හෙට විභාගයට මුහුණ දෙන හැමෝටම අපිත් හදවතින්ම සුබ පතනවා!