ත්‍රිකුණාමලය මහ රෝහලේ දක්ෂ වෛද්‍යවරුන් පිරිසක් එකතු වෙලා වෛද්‍ය විද්‍යාවේ අලුත්ම ලෝක වාර්තාවක් තියන්න සමත් වෙලා තියෙනවා.
මුත්‍රා කිරීමේ දැඩි අපහසුතාවයක් නිසා ත්‍රිකුණාමලය මහ රෝහලට 52 හැවිරිදි පුද්ගලයෙක් ඇතුළත් වෙලා තියෙනවා. පස්සේ වෛද්‍යවරු පරීක්ෂා කරලා බලද්දී තමයි දැකලා තියෙන්නේ මෙයාගේ වකුගඩුවේ දැවැන්ත ගලක් තියෙනවා කියලා. මේක සාමාන්‍ය ගලක් නෙමෙයි, බරින් කිලෝග්‍රෑම් 3 යි ග්‍රෑම් 100 ක් (3.1 Kg) වෙන අතිවිශාල එකක්! ඒ වගේම මේක සෙන්ටිමීටර් 21ක් පමණ දිගින් යුතු හිතාගන්නවත් බැරි තරමේ ලොකු ගලක්. (මුල් වාර්තාවල මෙය මීටර් 21ක් ලෙස වැරදීමකින් සටහන් වී තිබුණද, මෙය සෙන්ටිමීටර් 21ක පමණ දිගකින් යුතු බවයි වෛද්‍යවරු පෙන්වා දෙන්නේ).
ඉකුත් 14 වැනිදා ඉතාමත් සාර්ථක ශල්‍යකර්මයකින් පස්සේ මේ ගල සම්පූර්ණයෙන්ම එළියට ගන්න අපේ වෛද්‍යවරු සමත් වෙලා තියෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවලට අනුව, මීට කලින් ලෝකයේ ලොකුම වකුගඩු ගල ඉවත් කරලා තිබුණේ 2003 අවුරුද්දේ බ්‍රසීලයේදී. ඒ ගලේ බර වුණේ කිලෝග්‍රෑම් 1.9ක් විතරයි. ඒත් ත්‍රිකුණාමලයේ අපේ වෛද්‍යවරු ඉවත් කරපු මේ කිලෝ 3.1ක ගලත් එක්ක අර අවුරුදු 20කට වඩා පරණ ලෝක වාර්තාව අද ලංකාව ඉදිරියේ අලුත් වෙනවා!
මේ ඓතිහාසික සැත්කමට නායකත්වය දීලා තියෙන්නේ වකුගඩු ශල්‍ය වෛද්‍ය ප්‍රහලතන් බාලක්‍රිෂ්ණන් මහතායි. ඊට අමතරව මේ සුපිරි වැඩේ පිටිපස්සේ හිටපු අනිත් දක්ෂ වෛද්‍යවරු ටික තමයි මේ,
වෛද්‍ය එම්. රිෂ්ලි මහීල්
වෛද්‍ය ජේ.එම්. ඉහ්සාන්
වෛද්‍ය සී. ප්‍රහලතන්
නිර්වින්දන වෛද්‍ය අමිලා ජයකොඩි
මේ තරම් අවදානම් සැත්කමක් සාර්ථකව කරලා ලංකාවේ නම ලෝකෙටම ගෙනිච්ච මේ දක්ෂ වෛද්‍ය කණ්ඩායමට අපි හැමෝම එකතුවෙලා උණුසුම් සුබපැතුම් එක් කරමු!