ඒ වගේම තමයි එයාලගේ හුරතල් දියණිය 'සාරණ්‍යා' ටත් අද වෙද්දී ලංකාවේම අය ගොඩක් ආදරෙයි. මුළු රටේම ආදරේ දිනාගත්තු මේ අපූරු පවුල පසුගිය දවසක සුන්දර විදෙස් සංචාරයක් සඳහා පිටත් වෙලා තිබුණා.
නිතරම සමාජ මාධ්‍ය හරහා රසිකයන් එක්ක තමන්ගේ අලුත්ම තොරතුරු බෙදාගන්න මේ ආදරණීය පවුල, මෙවර සිංගප්පූරුව බලා පිටත් වෙලා තියෙනවා. ඉතින් ඒ යන ගමන් ගුවන් යානය ඇතුළේ ඉඳන් ගත්තු ලස්සනම ඡායාරූප පෙළක් දිනක්ෂි තමන්ගේ ෆේස්බුක් ගිණුමට එකතු කරලා තිබුණා.
මේ ඡායාරූප පෙළට ඇය එකතු කරලා තිබුණේ හරිම සුන්දර අදහසක් ගෙන දෙන සටහනක් .
"Scenic and dreamy. Clouds, comfort, and care. Flying Singapore Airlines, where the journey is as memorable as the destination."
දර්ශනීයයි වගේම හීනයක් වගෙයි. වලාකුළු, සුවපහසුව සහ රැකවරණය.. සිංගප්පූරු ගුවන් සේවය සමඟ පියාසර කරද්දී, යන ගමනාන්තය වගේම මේ යන ගමනත් ඒ තරමටම ලස්සන මතකයක්...
දිනක්ෂිගේ මේ සටහනින්ම පේනවා ඔවුන්ගේ මේ ගමන කොයිතරම් සුන්දරයිද කියන එක. විශේෂයෙන්ම මේ ඡායාරූපවල ඉන්න පුංචි සාරණ්‍යාගේ හුරතල් වැඩවලට නම් ගොඩක් දෙනෙක්ගේ අවධානය යොමු වෙලා තියෙනවා. සාරංගගේ සහ දිනක්ෂිගේ ආදරය මැද ගුවන් යානය ඇතුළේ සාරණ්‍යා සතුටින් ගත කරන විදිය මේ ෆොටෝස්වලින් හරිම අපූරුවට කැමරාවේ සටහන් වෙලා තියෙනවා.
සතුට, ආදරය සහ බැඳීම පිරුණු මේ ඡායාරූප අන්තර්ජාලයට එක් කරපු සැණින්ම රසිකයන්ගෙන් නොනවතින ප්‍රතිචාර සහ ආදරණීය කමෙන්ට්ස් දහස් ගණනක් එකතු වෙමින් පවතිනවා.