මේ දිනවල විදෙස් ගතවෙලා ඉන්න ඇය, පසුගියදා ඇගේ ෆේස්බුක් ගිණුමට හරිම ලස්සන ඡායාරූප පෙළක් එක් කරලා තිබුණා. හැබැයි මේ පින්තූර ටිකේ සුන්දරත්වයටත් වඩා හැමෝගෙම කතාබහට ලක්වුණේ, ශලනි ඒකට එකතු කරලා තිබුණු අපූරු සටහනයි.
මේ ඡායාරූප පෙළ අරගෙන තියෙන්නේ සුප්‍රසිද්ධ 'Columbia Icefield Skywalk' (කොලොම්බියා අයිස්ෆීල්ඩ් ස්කයිවෝක්) කියන අතිවිශාල වීදුරු පාලම මතදීයි. සාමාන්‍යයෙන් උස තැන්වලට බය කෙනෙකුට මේ වගේ වීදුරුවක් උඩින් ඇවිදිනවා කියන්නේ ඇඟේ හිරිගඩු පිපෙන අත්දැකීමක්. ශලනිටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වෙලා.
"හදවත එපා කියද්දී, කකුල් දෙකත් පණ නැති වුණා..."
උස තැන්වලට තමන්ගේ තියෙන දැඩි බය ගැන ශලනි අපූරුවට සටහන් කරලා තිබුණේ මෙහෙමයි:
"ඒ වීදුරුව උඩට අඩිය තියන එකම මට නම් ලොකු වික්‍රමයක්. මගේ හදවත කිව්වෙම එපා කියලා... මගේ කකුල් දෙකත් ඒකට එකඟ වුණා... ඒත් කොහොමහරි මම ඒ වීදුරුව උඩට ගිහින් මේ පින්තූර ටික ගත්තා!"
ගොඩක් අය බය හිතුණම ආපස්සට හැරුණත්, ශලනි තමන්ගේ බය පාලනය කරගෙන මේ ත්‍රාසජනක අත්දැකීම විඳගන්න තීරණය කරලා තිබුණා. ඇය ඒ ගැන කියලා තිබුණේ ජීවිතයටම වටිනා ආදර්ශයක් දෙන ගමන්.
"සමහර වෙලාවට ධෛර්යය කියන්නේ කිසිම බයක් නැතිකම නෙවෙයි... හොඳටම බය හිතිලා තිබුණත් ඒ දේ කරන එකටයි."
තමන්ගේ බය 99%ක් වුණත් ඇය ඒ අභියෝගය ජයගත්තා කියන එක තමයි ශලනි මේ විදියට ආඩම්බරයෙන් සටහන් කරලා තිබුණේ. උසට තියෙන බය පැත්තකින් තියලා, මේ වගේ අලුත්ම අත්දැකීමක් ලබාගත්ත අපේ ආදරණීය ශලනිට මේ වෙද්දී සමාජ මාධ්‍ය හරහා ප්‍රේක්ෂකයින්ගෙනුත් ආදරණීය ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් ලැබෙමින් පවතිනවා.