රංගන දක්ෂතාවය වගේම ඇගේ රූ සපුව නිසාත් නිතරම ප්‍රේක්ෂකයින්ගේ ආදරය දිනාගන්න ඇය සමත් වෙනවා. ඉතින් මේ දවස්වල ෆේස්බුක් එකේ හැමෝම කතා වෙන අලුත්ම මාතෘකාව වෙලා තියෙන්නේ ශලනිගේ මුහුණුපොතට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළක් ගැනයි.
මේ ෆොටෝස් දැක්කම නම් කාට වුණත් එකපාරටම හිතෙන්නේ ශලනි ආයෙමත් පුංචි කාලෙට ගිහින්ද කියලයි! ඒකට ප්‍රධානම හේතුව තමයි ශලනි තමන්ගේ කොණ්ඩය වෙනදට වඩා ගොඩක් කොටට කපලා තියෙන එක. මේ අලුත් හෙයාර් ස්ටයිල් එක නිසා ඇයට ලැබිලා තියෙන්නේ හරියටම පුංචි කෙල්ලෙකුගේ වගේ හරිම අහිංසක, සුරතල් පෙනුමක්. වෙනදා දකින ශලනිට වඩා මේ පෙනුම ඇයට ගොඩක්ම ගැලපෙනවා කියලා බැලූ බැල්මටම පේනවා.
ඒ වගේම මේ ඡායාරූප සඳහා ඇය තෝරාගෙන තියෙන්නේ හරිම ලස්සන, ඇඟටම ගැලපෙන නිල් පාට මල් වැටුණු ගවුමක්. මේ නිල් මල් ගවුමටයි, කොටට කපපු කොණ්ඩෙටයි ඇයගේ සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ කරලා පෙන්වනවා. කිසිම ලොකු මේකප් එකක් නැතුව, හරිම සරල විදිහට ඉන්න ඇයගේ මේ පෙනුම කාගෙත් හිත් ඇදගන්න සමත් වෙලා.