ඒ වගේම ඇය මෙරට නිරූපණ ක්ෂේත්‍රය තුළත් තමන්ගේම කියලා වෙනම තැනක් හදාගත්ත දක්ෂ නිරූපණ ශිල්පිනියක්. කාලෙන් කාලෙට අලුත් විලාසිතා වලින් ප්‍රේක්ෂකයින්ව මවිත කරන පියුමි, ආයෙමත් සැරයක් සමාජ මාධ්‍ය උණුසුම් කරන්න සමත් වෙලා තියෙනවා.
මේ හැමදේටම හේතුව තමයි පියුමි සමාජ මාධ්‍ය ගිණුමට එකතු කරලා තිබුණු අලුත්ම ඡායාරූප පෙළ. මේ ෆොටෝස්වල පියුමි හරිම ලස්සන, ඒ වගේම නෙත් පිනවන සරාගී පෙනුමක් ගෙන දෙන හැඩකාර නිල් පාට ඇඳුමකින් සැරසිලා ඉන්නවා.
මේ නිල් පාට ඇඳුමට ඇගේ සුන්දරත්වය තවත් දෙගුණ තෙගුණ වෙලා කැපිලා පේනවා කියලයි ඇගේ රසිකයින් නම් සමාජ මාධ්‍ය පුරා කතාබහ වෙන්නේ. ඇගේ රූපය සහ විලාසිතා කරන ආකාරය ගැන ගොඩක් දෙනෙක් අපූරු ප්‍රතිචාර දක්වලා තිබුණා.
කොහොම වුණත් නිරූපණයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා දක්වන පියුමි, ඇගේ ආකර්ෂණීය පෙනුම හැමදාමත් එක වගේ පවත්වාගෙන යන්න කොච්චර උනන්දු වෙනවාද කියන එක මේ ඡායාරූප වලින්ම පැහැදිලි වෙනවා.