ඒ වෙන මොකකටවත් නෙවෙයි... ජීවත්ව සිටින කාන්තාවකගේ දිගම කෙස් කළඹට හිමි ගිනස් ලෝක වාර්තාව (Guinness World Record) තමන් සතු කරගනිමින්.
ඇගේ හිසකෙස්වල දිග අසා ඇස් උඩ යනවා. එය අඩි 8යි අඟල් 10ක් (සෙන්ටිමීටර 271.5ක්) පුරා පැතිරී තිබෙනවා. මීට පෙර යුක්‍රේන ජාතික කාන්තාවක් සතුව තිබූ ලෝක වාර්තාවයි ඇය මෙලෙස සුනුවිසුනු කර දමා ඇත්තේ.
මේ අසිරිමත් ගමනේ ආරම්භය සිදුවෙන්නේ 2015 අවුරුද්දේදී. ඉන්දියානු සංස්කෘතිය තුළ දිගු හිසකෙස් කියන්නේ අලංකාරයට සහ අනන්‍යතාවයට ලැබෙන මහා ගෞරවයක් නිසා, කිසිම දවසක කොණ්ඩේ කපන්නේ නැහැ කියලා ඇය එදා තීරණය කරලා තියෙනවා.
හැමෝම හිතන්නේ මෙච්චර දිග කොණ්ඩයක් තියාගන්න ඇය කෝටි ගණන් මිල අධික රූපලාවන්‍ය නිෂ්පාදන පාවිච්චි කරනවා ඇති කියලා නේද? නමුත් ඇත්තම කතාව ඒක නෙවෙයි.
ඇය කියන විදියට කිසිම රසායනික ද්‍රව්‍යයක් ඇතුළත් නැති, අපේ පැරණි සාම්ප්‍රදායික ගෙදර දොරේ සාදාගන්නා සත්කාර සහ ස්වාභාවික තෙල් වර්ග විතරයි ඇය මේ තරම් දිගු කෙස් කළඹක් නඩත්තු කරන්න පාවිච්චි කරලා තියෙන්නේ. හැබැයි මේ තරම් දිග කොණ්ඩයක් හෝදන්න, වේලාගන්න සහ පීරන්න නම් මාරම ඉවසීමක් සහ ලොකු පරිශ්‍රමයක් දරන්න වෙන බවත් ඇය කියනවා.
ඇගේ මේ විශ්මයජනක ජයග්‍රහණය ගිනස් ආයතනය විසින් දැන් නිල වශයෙන්ම තහවුරු කර අවසන්. නොපසුබස්නා උත්සාහය සහ කැපවීම තියෙනවා නම් ඕනෑම මහා ඉලක්කයක් ජයගන්න පුළුවන් කියන එකට රේණු දැන් මුළු ලෝකයටම අපූරු ආදර්ශයක් වෙලා ඉවරයි.
