දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම ප්‍රදේශයේ මේ වන විට අතිශය දැඩි රථ වාහන තදබදයක් හටගෙන ඇති බවයි මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටින්නේ.
මෙම දැඩි රථ වාහන තදබදයට හේතු දෙකක් බලපා ඇති බවයි වාර්තා වන්නේ. එම ප්‍රදේශයේ දැනට සිදුවෙමින් පවතින හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එක් මංතීරුවක පමණක් වාහන ධාවනය කිරීමට සිදු වීම එක හේතුවක් වී තිබෙනවා. ඊටත් අමතරව, එම ස්ථානයේදීම තවත් වාහනයක් හදිසියේම කාර්මික දෝෂයකට ලක්වීම නිසා පාර තවත් හිරවී මෙම නොසන්සුන් රථ වාහන තදබදය නිර්මාණය වී ඇති බව සනාථ වෙනවා.
එනිසා අධිවේගී මාර්ගයේ ගැලනිගම දෙසට ගමන් ගන්නා ඔබත් මේ ගැන පොඩ්ඩක් අවධානයෙන් සිටීම වඩාත් නුවණට හුරුයි...