අද දිනයේ ඉරු උදාව පෙරවරු 06.05 ට සිදුවන අතර ඉරු බැසීම පස්වරු 06.29 ට සිදුවේ. අද දින රාහු කාලය යෙදී ඇත්තේ පස්වරු 15.05 (ප.ව. 3.05) සිට පස්වරු 16.35 (ප.ව. 4.35) දක්වා ය.
මේෂ ලග්නය
මේෂ ලග්නයෙන් උපන් ඔබට අද දිනය ඉතා සුබදායක වේ. විශේෂයෙන්ම විදේශ ගමන් බලාපොරොත්තු වන අයගේ එම කටයුතු සාර්ථක කර ගැනීමට අද දවසේදී වැඩි ඉඩකඩක් පවතී.
වෘෂභ ලග්නය
වෘෂභ ලග්න හිමියන් අද දවසේදී යම් කාර්යයක නිරත වීමේදී ඉවසීමෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. කලබල වී තීරණ ගැනීමෙන් වළකින්න.
මිථුන ලග්නය
රැකියාවේ නිරත වන මිථුන ලග්න හිමියන්ට අද දිනයේදී රැකියාවේ යම් යම් බාධා මතු විය හැකිය. එබැවින් වැඩකටයුතු කිරීමේදී වඩාත් සැලකිලිමත් සහ අවධානයෙන් සිටීම නුවණට හුරුය.
කටක ලග්නය
කටක ලග්න හිමියන්ට අද දිනය රැකියා අංශයෙන් ඉතා යහපත් වේ. ඔබගේ රැකියා කටයුතුවලට අද දිනය සුබදායක බැවින්, කාර්යාලීය වැඩකටයුතු පහසුවෙන් කරගත හැකි වනු ඇත.
සිංහ ලග්නය
සිංහ ලග්නයෙන් උපන් ඔබ, අද දවසේ තීරණ ගැනීමේදී මෙන්ම එදිනෙදා වැඩ කටයුතුවලදීත් ඉතා කල්පනාවෙන් කටයුතු කළ යුතු බව ජ්‍යෝතිෂ්‍යයේ දැක්වේ.
කන්‍යා ලග්නය
කන්‍යා ලග්න හිමියන්ට අද දිනයේදී සතුරු පීඩා ඇති විය හැකි බැවින්, ඔබ අවට සිටින පුද්ගලයන් සමඟ කටයුතු කිරීමේදී තරමක් ප්‍රවේසම් වීම වැදගත් වේ.
තුලා ලග්නය
සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් තුලා ලග්න හිමියන් අද විශේෂ අවධානයක් යොමු කළ යුතුය. විශේෂයෙන් සෙම් රෝගවලින් ප්‍රවේසම් වීම ඉතා වැදගත් බව පෙන්වා දෙයි.
වෘශ්චික ලග්නය
වෘශ්චික ලග්න හිමියන් අද දිනයේදී ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වන්න. ඔබට අද දවසේදී උදරාබාධ (බඩේ අමාරු) ඇති විය හැකි බවක් පෙන්නුම් කෙරේ.
ධනු ලග්නය
අධ්‍යාපනය ලබන දරුවන්ට සහ උසස් අධ්‍යාපනයේ නිරත වන ධනු ලග්න හිමියන්ට අද දිනය ඉතා යහපත්ය. අධ්‍යාපන කටයුතුවලට අද දිනය ඉතා සුබදායක වේ.
මකර ලග්නය
මකර ලග්න හිමියන්ගේ පවුල් ජීවිතය අද දිනයේදී සතුටින් ගත කිරීමට හැකිවනු ඇත. විශේෂයෙන්ම විවාහ ජීවිතයට අද දිනය ඉතා සුබදායක බව සටහන් වේ.
කුම්භ ලග්නය
කුම්භ ලග්න හිමියන් අද දිනයේදී තම ආර්ථිකය ගැන සැලකිලිමත් වීම වැදගත්ය. අත්‍යවශ්‍ය නොවන දේ සඳහා මුදල් වැය කිරීම අවම කර, වියදම් පාලනය කර ගැනීමට උත්සාහ කරන්න.
මීන ලග්නය
මීන ලග්න හිමියන්ට අද දිනයේදී යම් යම් හේතූන් මත සිත් පීඩා ඇති වීමේ හැකියාවක් පවතී. එබැවින් මනස සන්සුන්ව තබා ගැනීමට කටයුතු කිරීම වැදගත් වේ.