ලග්න පලාපල විස්තරය
මේෂ ලග්නය
ඉඩකඩම්, ගෙවල් දොරවල් හෝ වෙනත් ස්ථිර දේපළ සම්බන්ධයෙන් බලාපොරොත්තුවෙන් සිටි යහපත් ආරංචියක් ලැබීමට නියමිතයි. දේපළ ගැටලු විසඳා ගැනීමට හොඳ දවසකි.
වෘෂභ ලග්නය
ඔබ කරන රැකියාවේ හෝ ව්‍යාපාරයේ කටයුතු ඉතා සාර්ථකව කරගෙන යාමට හැකිවේ. නව රැකියා බලාපොරොත්තු වන අයටද සුබදායක ප්‍රගතියක් දැකිය හැක.
මිථුන ලග්නය
සිතේ නොසන්සුන් බවක් හෝ ශාරීරික මහන්සියක් ඇති විය හැක. වැදගත් තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න, අද දිනයේ අනවශ්‍ය අවදානම් ගැනීමෙන් වළකින්න.
කටක ලග්නය
අද දිනයේ ඔබ හමුවට එන ඕනෑම අභියෝගයක් හෝ බාධාවක් උත්සාහය සහ ධෛර්යය මත ජය ගැනීමට ඔබට ශක්තිය ලැබෙනු ඇත.
සිංහ ලග්නය
ළිං, ගංගා, ඇළ දොළ හෝ මුහුද ආශ්‍රිතව කටයුතු කිරීමේදී සහ ජල ක්‍රීඩා හෝ නෑමේදී විශේෂයෙන් කල්පනාකාරී සහ ආරක්ෂාකාරී වන්න.
කන්‍යා ලග්නය
මුදල් ලැබීම් පැත්තෙන් ඉතා යහපත්ය. අමතර ආදායම් මාර්ගයක් ආරම්භ කිරීමට හෝ මුදල් ලැබෙන නව මංපෙත් පෑදීමට වැඩි ඉඩකඩක් පවතී.
තුලා ලග්නය
නොසිතූ ලෙස මුදල් වැයවීමේ ප්‍රවණතාවක් පවතින බැවින් අනවශ්‍ය ලෙස මුදල් නාස්ති කිරීමෙන් වළකින්න. අයවැය නිසි ලෙස කළමනාකරණය කරගන්න.
වෘශ්චික ලග්නය
ක්ෂණිකව කෝපයට පත්වීම හෝ ඉක්මන් තීරණ ගැනීම නිසා ගැටලු ඇතිවිය හැක. අන් අය සමඟ ගනුදෙනු කිරීමේදී ඉවසීම සහ බුද්ධිය මෙහෙයවීම ඉතා වැදගත් වේ.
ධනු ලග්නය
ආදර සබඳතා සහ විවාහ ජීවිතයේ සමගිය හා සතුට වර්ධනය වන දවසකි. සහකරු හෝ සහකාරියගෙන් හොඳ සහයෝගයක් ලැබේ.
මකර ලග්නය
සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම සෙම් රෝග, උගුරේ අමාරු හෝ බෙල්ල ප්‍රදේශයේ වේදනාකාරී තත්ත්වයන් මතුවීමට ඉඩ ඇත.
කුම්භ ලග්නය
දුර ගමන් හෝ එදිනෙදා ගමනාගමනයේදී සධානාත්මකව හා අවධානයෙන් කටයුතු කරන්න. අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම නුවණට හුරුය.
මීන ලග්නය
යන්ත්‍ර සූත්‍ර භාවිතයේදී, වාහන පැදවීමේදී සහ මඟතොටදී ගමන් කිරීමේදී දැඩි ලෙස පරිස්සම් විය යුතුය. කලබලකාරී බවෙන් වළකින්න.