ඉතින් අද ඒ දෙන්නටම විශේෂ දිනයක් කිවුවොත් හරියටම හරි..
ඒ සංගීත් සතරසිංහගේ උපන්දිනය අද නිසා.
ආදරණීය සැමියාගේ උපන්දිනයට ආදරයෙන් සුබ පතන්න දිනී අමතක කරලා නෑ වගේම, එයාලට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට ඒ සතුටු හිතෙන ආරංචිය කියන්නත් අමතක කරලා නෑ..
ඉතින් ඒ දෙන්නගේ රංගන හැකියාවට වගේම ඒ සුරූපී, ප්‍රියමනාප පෙනුමවල් වලටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. ඒ අයට බලන්න තමයි මේ සතුටු හිතෙන මතකය දිනී මේ විදිහට මුහුණු පොතට එකතු කරලා තිබුණේ.
මේ දවස්වල ඒ දෙන්නා ඉන්නේ එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේ කියලා ඉතින් හැමෝම දන්නවනේ. බලන්නකෝ මේ ඡායාරූපවල ඒ දෙන්නගේ පෙනුම වෙනදා වගේම හරිම ලස්සනයි නේද ?
ඉතින් බ්‍රිස්ටල් නුවරට , ලස්සනට හැඩවුණු ඒ දෙන්නගේ ආදරේ අලුත් මතකය මෙන්න මේ විදිහට තමයි මතක පිටු අතරට එකතු වුණේ..

