නුවර ගිහින් පෙරහැර බලන්න ප්ලෑන් කරන අයට අද රෑ 6.52 ට යෙදෙන සුබ මොහොතින් තමයි පෙරහැර පිටත් වෙන්නේ.
පෙරහර ගමන් කරන මාර්ගය ගැන කලින්ම දැනගෙන ඉන්න එක ලේසියි. අද පෙරහර ගමන් කරන්නේ:
දළඳා වීදිය
කොළඹ වීදිය
යටිනුවර වීදිය
රජ වීදිය
යන වීදි ඔස්සේයි. මේ වීදි දිගේ ගමන් කරන පෙරහර අවසානයේ යළිත් දළදා මාලිගාවට පිවිසීමට නියමිතයි. ඉතින් පෙරහැර බලන්න තැනක් අල්ලගන්නවා නම් මේ වීදි ගැන විශේෂයෙන් අවධානයෙන් ඉන්න.
මේ අතරේ පෙරහැර බලන්න යන අයට වගේම නුවර හරහා ගමන් කරන අයටත් විශේෂ පණිවිඩයක් තියෙනවා. අද ඉඳලා නුවර නගරය කේන්ද්‍ර කරගෙන විශේෂ රථවාහන සැලැස්මක් සහ දැඩි ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ. වුට්ලර් මහතා ඊයේ (17) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අනාවරණය කළේ, මෙවර පෙරහරේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් ඇතුළු ආරක්ෂක අංශ සාමාජිකයින් 8,000කට ආසන්න දැවැන්ත පිරිසක් යොදවා ඇති බවයි.
ඒ නිසා අද නුවර යනවා නම් වාහන තදබදය ගැන සැලකිලිමත් වෙනවා වගේම, උපරිම ආරක්ෂාවක් මැද නිදහසේ පෙරහැර නරඹන්නත් ඔබට අවස්ථාව ලැබෙනවා!