දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකටම අද (18) දවස පුරා වැසි සහ තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි ඔවුන් අනතුරු අඟවන්නේ.
විශේෂයෙන්ම සබරගමුව පළාතේ ජනතාවට වගේම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඉන්න අයට අද විටින් විට ඇදහැලෙන වැසි තත්ත්වයකට මුහුණ දෙන්න සිදුවන බව සඳහන්.
ඊට අමතරව,
බස්නාහිර සහ වයඹ පළාත්
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක
යන ප්‍රදේශවලටත් වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතිනවා.
ඌව පළාත, අම්පාර සහ මඩකලපුව පැතිවල ඉන්න අයට නම් උදේ වරුවේ පායලා තිබුණත්, පස්වරු 2.00න් පස්සේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. එම ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ අංශ කියන්නේ. දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල නම් සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්.
වැස්ස විතරක් නෙවෙයි, පැයට කිලෝමීටර් 30-40ක පමණ තද සුළං තත්ත්වයක් ගැනත් අනතුරු අඟවා තිබෙනවා.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ
උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
යන ප්‍රදේශවල විටින් විට තද සුළං හැමිය හැකියි.