ඔන්න ඉතින් අදත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අලුත්ම නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. අද දවසේ ගමනක් බිමනක් යන්න හිතන් ඉන්නවා නම්, මේ ටික කියවලාම ඉන්න එක ඇඟට ගුණයි!
සබරගමුව, මහනුවර සහ නුවරඑළිය: මේ පැතිවල ඉන්න අයට නම් අද දවස පුරාම වගේ සීතලේ ගුලිවෙලා ඉන්න තමයි වෙන්නේ. මේ දිස්ත්‍රික්කවලට විටින් විට වැසි එන්න පුළුවන්ලු.
බස්නාහිර, වයඹ, ගාල්ල සහ මාතර: මේ පළාත්වලටත් අද වැසි වාර කිහිපයක්ම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඔෆිස් යන අය වගේම, එළියට පහළියට යන අය කුඩයක් දාගෙනම යන එක හොඳයි.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ඉන්න අයට හවස 2න් පස්සේ ගිගුරුම් සහිත වැසි එන්න පුළුවන් කියලා කාලගුණෙන් කියනවා. ඒ නිසා හවස් යාමේ ගමන් බිමන් යද්දී ටිකක් කල්පනාවෙන්!
වැස්ස විතරක් නෙමෙයි, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලට වගේම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් විටින් විට පැයට කිලෝමීටර් 30-40ක විතර තද හුළඟක් එන්න පුළුවන් කියලත් වාර්තා වෙනවා.
ගිගුරුම් සහිත වැසි එද්දී ඇතිවෙන තාවකාලික තද සුළං සහ අකුණු වලින් පරිස්සම් වෙන්න කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා. අකුණු ගහද්දි එළිමහනේ ඉන්න එකෙන් වගේම විදුලි උපකරණ පාවිච්චියෙනුත් ටිකක් පරිස්සම් වෙන්න.
ඉතින් අද දවසේ කාලගුණය මේ වගේ නිසා, ගමන් බිමන් යන හැමෝම පරිස්සමෙන් ගිහින් එන්න!