රික්ටර් මාපක 7.7ක අතිශය ප්‍රබලත්වයකින් යුත් මෙම භූකම්පනය පොළොව අභ්‍යන්තරයේ කිලෝමීටර 14ක් ඡේදනය වෙමින් සිදුව තිබීම විශේෂත්වයක්.
මූලික ප්‍රබල භූකම්පනයෙන් අනතුරුවද එම කලාපය තුළ පසු කම්පන කිහිපයක්ම වාර්තා වී ඇති බවයි විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන් වන්නේ.
මේ හේතුවෙන් අදාළ ප්‍රදේශවල ජනතාව තවමත් දැඩි බියෙන් පසුවන අතර, සහන සේවා කණ්ඩායම් සහ විදේශ බලධාරීන් විසින් ප්‍රදේශයේ ආපදා තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බවද වාර්තා වෙනවා.