මියයන විට ඇය 82 වැනි වියේ පසුවූවාය.
වඩාත්ම සංවේදී සහ හදවත කම්පා කරවන කරුණ වන්නේ, ලබන අගෝස්තු 23 වන දිනට යෙදී තිබූ ඇගේ 83 වැනි ජන්ම දිනය සැමරීමට තවත් දින තුනක් පමණක් ඉතිරිව තිබියදී ඇය මෙලෙස දිවි රඟමඩලෙන් නික්ම යාමයි.
1943 අගෝස්තු 23 වන දින අලුත්ගම ලෙවන්දූවේදී මෙලොව එළිය දුටු ඇය, දශක ගණනාවක් මුළුල්ලේ මෙරට රසික හදවත් සිය අසමසම ගායන පෞරුෂයෙන් නැහැවූ මහා යුග පුරුෂවරියක් බඳු කලාකාරිනියකි.
දශක ගණනාවක් පුරා පරම්පරා ගණනාවකගේ දුක, සතුට, විරෝධය මෙන්ම ආදරයද තම ස්වරයෙන් ප්‍රතිරාවය කළ ඒ අසහාය හඬ සදහටම නිහඬ වීම සමස්ත ලාංකේය ජාතියටම කිසිදා පිරවිය නොහැකි අතිමහත් හිස්තැනක් ඉතිරි කර තිබෙනවා...