ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව සඳහන් කළේ මෙම වයස්ගත ගැහැණු ජිරාෆ් සත්ත්වයා මියයන විට වයස අවුරුදු 30කට ආසන්න වී තිබූ බවයි.
සාමාන්‍යයෙන් ජිරාෆ් සත්ත්වයෙකුගේ ආයු කාලය වසර 20ත් 25ත් අතර කාලයක් වන අතර, මෙම සත්ත්වයා මියයාමට පෙර කිසිදු විශේෂ රෝගී තත්ත්වයකින් පෙළී නොතිබූ බවද වාර්තා වනවා. ස්වාභාවික ලෙසම මහලු වියට පත්ව සිටි මෙම ජිරාෆ් ධෙනුව මෙලෙස සදාකාලිකවම දෑස් පියාගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, දෙහිවල සත්වෝද්‍යානයේ සිටි එකම ජිරාෆ් සත්ත්වයාගේ වෙන්වීමත් සමඟ මතුවූ පාළුව මැකීමට ඉදිරි මාස දෙක ඇතුළත කෙන්යාවෙන් අලුත්ම ජිරාෆ් සත්ත්ව යුවළක් මෙරටට ගෙන ඒමට කටයුතු යොදා ඇති බවයි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් පශු වෛද්‍ය චන්දන රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේ.