ඔවුන්ගේ රංගන කෞශල්‍යයට මෙන්ම ඔවුන්ගේ සුන්දර පවුල් ජීවිතයට ආදරය කරන ආදරණීය රසික රසිකාවියන් ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකය පුරාම විසිරී සිටිනවා.
ඔන්න ඉතින් මේ දෙන්නාට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්න හරිම ලස්සන, ආදරණීය ඡායාරූප එකතුවක් සාරංගගේ නිල මුහුණු පොත හරහා එකතු කර තිබුණා.
එකිනෙකාට ඇති ආදරය සහ සතුට මනාව පිළිඹිබු වන මේ පින්තූර පෙළ පළ වූ සැණින් සමාජ මාධ්‍ය පුරාම ලොකු අවධානයක් දිනාගත් අතර, බොහෝ දෙනෙක් ඔවුන්ගේ මේ ආදරණීය එකතුවට හදවතින්ම සුබ පතලා තිබුණා.
ඔයාලත් බලන්නකෝ කාගේත් සිත්ගත්, ආදරේ පිරුණු ඒ ලස්සන පින්තූර එකතුව කොහොමද කියලා.
