යාපනය, කන්දර්මඩම්, අරසඩි පාර ප්‍රදේශයෙන් මුළු හදවතම කම්පා කරවන සුළු අතිශය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
එලෙස දහසක් පෙරුම් පුරාගෙන ආ ගමන මැදම නතර කරමින් අකාලයේ ජීවිතයෙන් සමුගෙන තිබෙන්නේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් විභාගයට පෙනී සිටි 19 හැවිරිදි තිරුනාවුක්කරසු වෛෂ්ණව් නමැති අනාගත බලාපොරොත්තු පිරුණු අහිංසක තරුණ සිසුවායි.
පසුගිය අගෝස්තු 10 වන දින විභාග ශාලාවේදී සිය අනාගත සිහිනය වෙනුවෙන් පිළිතුරු ලියමින් සිටියදී මොහු හදිසියේම අසනීප වී තිබෙනවා. පසුව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් අනතුරුව නැවත නිවසට පැමිණ සිටියත්, ඒ අසනීපය ඔහුගේ ජීවිතයම උදුරා ගැනීමට තරම් දරුණු වේවි යැයි කිසිවෙකුත් සිතුවේ නැහැ.
අවාසනාවන්ත ලෙස පසුගිය අගෝස්තු 16 වන දින රාත්‍රියේදී ඔහු නැවතත් බරපතල ලෙස අසනීප වී ඇති අතර, වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තද දෙමාපියන්ගේ සහ ඥාතීන්ගේ දෑස් හඬවමින් ඔහු මෙලෙස සදාකාලිකවම දෑස් පියාගෙන තිබෙනවා.
මෙම අකල් මරණයට නිශ්චිත හේතුව මෙතෙක් තහවුරු වී නොමැති අතර, ඒ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ බවයි යාපනය පොලිසිය සඳහන් කරන්නේ.