ඔහුගේ රංගන කෞශල්‍යයට මෙන්ම ආකර්ෂණීය පෙනුමටත් ආදරය කරන විශාල ප්‍රේක්ෂක පිරිසක් ඔහු වටා රොක් වී සිටිනවා.
ප්‍රේක්ෂකාදරය නොඅඩුව විඳින චතුරංගන, පහුගිය දවසක ඔහුගේ නිල ෆේස්බුක් ගිණුමේ වෙනස්ම විදියේ අතීත මතකයක් අලුත් කරමින් සංවේදී සටහනක් වගේම පින්තුරයක් එක් කර තිබුණා.
එහි සටහන්ව තිබුණේ මෙන්න මේ වගේ කතාවක්...
"කැමරා බෑග් එකකුත් එල්ලන් events වල photos ගහන්න ගියපු කාලේ, ජීවිතේ බරක් පතලක් නොතේරුනු හිතුවක්කාර ජිවිතේ, හැමෝටම වගේ ඇති නේද එහෙම කාලයක්? "
එදා කැමරාවක් කරේ එල්ලාගෙන, ඉවෙන්ට්වලට ගිහින් ඡායාරූප ගනිමින්, ජීවිතයේ බරක් පතලක් නොදැනුණු ඒ හිතුවක්කාර කාලය අද ඔහු ආපසු හැරී බලන්නේ හරිම ආඩම්බරයෙන්.
කටුක අතීතයක සිට පැමිණි ගමන අමතක නොකර, තමන් එදා සිටි තැනත්, අද ලබා ඇති සාර්ථකත්වයත් පිළිබඳව නිහතමානීව සිතන චතුරංගනගේ මේ සටහනට බොහෝ දෙනෙක් ඉතාමහත් ප්‍රසාදයෙන් ප්‍රතිචාර දක්වා තිබුණා.
අද වන විට රටක් හඳුනන, දහස් ගණනකගේ ආදරය දිනූ රංගන ශිල්පියෙකු ලෙස ඔහු සිටින මේ උසස් තැන පිටුපස ඇත්තේ කැපවීම, උත්සාහය සහ නොපසුබස්නා උත්සාහයේ කතාවයි. එදා කැමරාව පිටුපස සිටි ඒ අභියෝගාත්මක කොලුගැටයා, අද කැමරාව ඉදිරියේ බැබළෙන තරුවක් වී හමාරයි..
