ඇගේ සුන්දර රූපයට වගේම දක්ෂතාවයටත් ආදරය කරන විශාල රසික පිරිසක් ලංකාව පුරාම ඉන්නවා. නිතරම වගේ සමාජ මාධ්‍යවල ක්‍රියාකාරීව ඉන්න දිනිති, ඇගේ අලුත්ම තොරතුරු සහ අපූරු ඡායාරූප රසිකයන් එක්ක බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.
ඔන්න ඉතින් පහුගිය දවසක දිනිති ඇගේ නිල ෆේස්බුක් ගිණුමට හරිම අපූරු ඡායාරූප පෙළක් එකතු කරලා තිබුණා. මේ ඡායාරූප ටික නම් දැක්ක ගමන් කාගෙත් ඇස් නතරවෙන තරමටම ලස්සනයි!
කළු පාට කියන්නේ කොහොමත් කෙනෙකුගේ පෙනුම තවත් ඔප් නංවන, ගාම්භීර වගේම ආකර්ෂණීය පාටක්. මේ ඡායාරූප සඳහා දිනිති තෝරාගෙන තිබුණේ කළු පාටින් හැඩවුණු, ඇඟටම ඇලුණු ඉතාමත් ලස්සන ගවුමක්.
මේ කළු පාට ගවුමත් එක්ක දිනිතිගේ සුරූපී බව නම් වෙනදාටත් වඩා කැපිලා පේනවා කිව්වොත් ඒකෙ කිසිම වරදක් නැහැ. ඇගේ හිනාව වගේම ආකර්ෂණීය පෙනුම මේ ඡායාරූපවලින් මනාව ඉස්මතු වෙලා තියෙනවා.